*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ආඩම්බරකාර තාත්තෙක්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 22 කොළඹ (LNW): තිළිණ පියදාස ඇමෙරිකා එක්සත් ජනපදයේ 2023 වසර සඳහා පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයේදී වසරේ සංවර්ධන පුහුණුකරු ලෙස ඇගයීමට පාත්‍ර වෙනවා.එය ශ්‍රී ලංකාව ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ වර්ථමානයේ පවතින තත්ත්වය ගැන සිතීමට හොඳ උදාහරණයක්.


තිළිණ මෙන්ම ඔහුගේ බිරිඳ රිෆ්කා කාමිල් ද ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාවෙන් කැපී පෙණුන අය.තිළින වසර ගණනක්ම ජාතික සූරයා.එමෙන්ම ක්‍රීඩාව සමඟ අධ්‍යාපනයද සමබරව කරගෙන ගිය තිළිණ,ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකු ද වෙනවා.
තිළි ඇමෙරිකාවට ගිය පසු ඔහුගේ උසස් අධ්‍යාපනය ද උසස් ලෙසම අවසන් කරන අතරේම ඇමෙරිතාවේ තිබෙන භෞතික පහසුකම් මෙන්ම වඩාත් වැදගත්ම කාරණය ලෙස සැළකිය හැකි හැකියාව පමණක් ඇගයීමට ලක්වන,සැළකුම් ලබන සමාජ වාතාවරණය මැද පුහුණුකරුවෙක් ලෙස සිය දැණුම සහ ආකල්පමය වශයෙන් සංවර්ධනය වෙනවා.


තිළිණගේ ජිවිතය පුරවලා තියෙන්නෙ මේස පන්දුවලින් කොටසක්.ඒක තමයි ඇත්ත.බිරිඳ ද මේස පන්දුවලින් ලබන ජයග්‍රහණයක්.දැන් තිළිණ සහ රිෆ්කාගේ ජානමය දායාද සහිත ටාෂියා සහ ටියානා සමඟ කරන්නෙත් මේස පන්දු ජීවන සවාරියක්.මේ වන විටත් ටෘෂියා මුළු ඇමෙරිකාවේම මේස පන්දු සංස්කෘතිය ඇතුළෙ ඉන්න අයට අමුත්තෙක් නෙමෙයි.ඇය වර්ඝ,ආගම් ආදි කිසිවක් සමඟා පාහා නොගෙන ඇමෙරිකානුවෙක් වූ හැඟීමෙන් ස්පර්ශ කරන දියුණු සමාජයක ටාෂියා ඇමෙරිකාවේ ඉහළම පිලිගැනීමක් සහිත මේස පන්දු ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවක්.


2023 ප්‍රංශයේ පැවති World Hopes Challenge තරඟාවලියේදී රිදී පදක්කමක් සහ Pan Am Youth Championships U15 සහ U13 යන කාණ්ඩ යටතේ රන් පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන සිටින ටාෂියාව ඒ සඳහා මොහෙයවන පුද්ගලවා ආදරණිය තාත්තා තිළිණයි.තාත්තා දුවට දුන්න දෙයක් හැටියය නැතුන තිළිණගේ හැකියාවන්ටත් ඇමෙරිකාව ඉඩ දෙනවා.තාත්තෙක්ට හෝ අම්මෙක්ට දරුවෙක් ක්‍රීඩාවක නියැලෙද්දි එහි ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් ලෙස වැඩ කරන්න අමාරුයි.සංස්කෘතික වශයෙන් ගත් විට අපේ ක්‍රීඩාව සංස්කෘතියක් හැටියට නොපවතින අතර එය පුද්ගල භාවිතාවට ගැනෙන පෞද්ගලික මෙවලමක් වෙනවා.ඒ නිසාම සමහර අවස්ථාවන්වලදී මව්වරු පියවරු පුහුණු වගකිමකදි හැසිරෙද්දි තමන්ගේ දරුවන් වෙනුවෙන් දක්වන වෙනස් සැළකිලි මෙන්ම,සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන් නිසාම ඔවුන් සිටින කණ්ඩායම්වල තම බලය යොදා නායකත්වය දෙමින් සහ තමන් පුහුණුකරුවන් වීමත් අප දැක තිබෙනවා.


එහෙත් ඇමෙරිකාව වැනි දියුණු ක්‍රීඩා සංස්කෘතියක් තුළ ක්‍රීඩකයා මෙන්ම පුහුණුකරුවාද පවතින්නේ වෘත්තිමය පරිසරයකයි.ඒ නිසා ඒ කාර්ය නියාමනය වෙන පිරිසට මෙන්ම ක්‍රියාවේ නිරවෙන පිරිසටද අදාළ වන්නේ වෘත්තිමය ගණුදෙනුවක් නිසා,ටාෂියාගේ පියා නොවන දෘශ්ඨියකින් තිළිණගේ හැකියාව විමසා බැලෙනවා.
එහිදී තිළිණ පෞද්ගලිකව තම දුවගේ හැකියාවන් ඇමෙරිකාවට සූරතා ගෙන එන්නට මෙහෙයවනවා වගේම පුහුණුකරු වෘත්තිය ද නිවැරදිව ඉටු කරනවා. තිළිණ පියදාස කැලිෆෝනියාවේ ෆවුන්ටන් නිම්නයේ පදිංචිව සිටින අතර එහිදී ඔරේන්ජ් ප්‍රාන්ත මේසපන්දු ඇකඩමියේ (OCTTA) ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කරන කාර්යභාරය පහසු එකක් නෙමෙයි.ඒ නිසා ටාෂියා දක්වන දක්ෂතා කේන්ද්‍ර කර ගනිමින් ඔහු පුහුණුකරුවෙක් ලෙස දක්වන පොදු කුසලතා පදනම් කරගෙනත් තිළිණ 2023 වසරේ ඇමෙරිකාවේ සංවර්ධන පුහුණුකරු වෙනවා.


පෞද්ගලිකව තිළිණ පුහුණුකරුවෙක් විදිහට මේ සම්මානය ගැන සතුටු වෙනවා ඇති.එසේම ඒ තත්ත්වයට තමන්ව ඔසවා තබන්නේ තමන්ගේම දියණිය වීමෙන් ඔහුට තාත්තා කෙනෙක් විදිහට දැනෙන සතුට සම්මානවලට වඩා ගොඩක් බරට දැනෙනවත් ඇති.සම්මානලාභී පුහුණුකරුවෙක්ට වැඩිය මේ සම්මානය අතට ගනිද්දි තිළිණට දැනෙන්න ඇත්තෙ ටාෂියාගේ පුංචි අවදියේ දැණුන කිරි සුවඳ.ඒ කිරි සුවඳැති දියණිය දිනෙන් දින පිංපොං බෝලයත් සමඟ තමන්ගේ තරුළේ වැඩුණු හැටි.අද ලෝකයක් ඉදිරියේ තමන්ගේ ලේ උරුමය ආඩම්බරෙන් හිටුවා තබන හැටි.සම්මානයෙන් වෑහෙන්නෙ ඇත්තටම ජයග්‍රාහී පුහුණුකරුවෙක් විදිහට ලැබෙන අභිමානයට වඩා තාත්තා කෙනෙක් හැටියට දැනෙන නිහතමානී ආඩම්බරයි.
අපි තාත්තාටත් දුවටත් මුළු හදවතින්ම සුබ පතමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan