‘පලස්තීන ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදා කොන්දේසි විරහිතව ඉවත් කර ගන්නා ලෙස ලෝක අධිකරණය නියෝග නොකළ යුතුයි’ – නීති උපදේශක රිචඩ් විසෙක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 22,,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ: පලස්තීන ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදා කොන්දේසි විරහිතව ඉවත් කර ගැනීමට නියෝග නොකළ යුතු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන නීති උපදේශක රිචඩ් විසෙක් විසින් ජාත්‍යන්තර අධිකරණයට(ICJ) ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ආක්‍රමණයේ නෛතික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ලෝක අධිකරණය පසුගිය සතිය පුරා පුරා රටවල් 50 කින් පමණ තොරතුරු ලබා ගන්නා ලදී. මෙහිදී බොහෝ රටවල් පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණය කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටි අතර ඇමරිකාව පමණක් වෙනත් අදහසක් දක්වා තිබීම මේ වන විට කතාබහට ලක්ව තිබේ.

කෙසේ නමුත් පසුගිය අඟහරුවාදා(20) ඊශ්‍රායලය සහ හමාස් අතර වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජනපදය සිය නිෂේධ බලයෙන් පරාජය කිරීමෙන් අනතුරුව රිචඩ් විසෙක් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, බටහිර ඉවුරෙන් සහ ගාසා තීරයෙන් ඊශ්‍රායලය ඉවත් කර ගැනීම සඳහා වන ඕනෑම ව්‍යාපාරයක් ඊශ්‍රායලයේ සැබෑ ආරක්ෂක අවශ්‍යතා සලකා බැලීම අවශ්‍ය බවත් ඔක්තෝබර් 7 වෙනිදා අපි සියලු දෙනාටම එම ආරක්ෂක අවශ්‍යතා මතක් කර දුන් නමුත් කනගාටුවට කරුණක් නම්, සහභාගිවන්නන් බොහෝ දෙනෙකු විසින් එම අවශ්‍යතා නොසලකා හැර තිබීම බවත්ය.

හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7වන දා ඉශ්‍රයලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1,139 මිය ගිය අතර 250ක් පමණ දෙනා ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා තබා ගන්නා ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රයල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 29,000ක් පමණ මේ වන විට මියගොස් ඇති අතර ජනගහනයෙන් සියයට 80කට වඩා වැඩි පිරිසක් අවතැන් වී භූමියෙන් විශාල කොටසක් සුන් බුන් බවට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...