ඇක්වා මෑන් ලංකාවේ කඩොලාන සංරක්ෂණය අගයයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 22,,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගයමින්, ජනප්‍රිය හොලිවුඩ් නළු ජේසන් මෙමෝ හෙවත් ඇක්වා මෑන් ශ්‍රී ලංකාව ඇගයීමට ලක්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව 2030 වන විට ස්වභාවිකව කඩොලාන වනාන්තර හෙක්ටයාර 10,000 ක් ජනනය කිරීමට කටයුතු කරමින් සිටින අතර මේ වෙනුවෙන් මෙම මස මුලදී එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා පරිමාණ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ ග්‍රහලෝකයේ වඩාත්ම අභිලාෂකාමී ව්‍යාපෘතිය වෙනුවෙන් හා පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිතා කිරීමට ගෞරව කිරීමක් වශයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිසංස්කරණ ධජයක් ( World Restoration Flagship) ලෙස නම් කරන තිබේ.

එක්සත් ජාතීන්ගේ සන්චිධානය World Restoration Flagship සම්මානය ලංකාවට ලබාදීම අගයමින් වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ජේසන් මෙමෝ සදහන් කර තිබුණේ, දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් අපේ ගොඩබිම්, වෙරළ සහ සාගරවල සෞඛ්‍යය නැවත පණ ගැන්වීමට වහා අවශ්‍ය බවත්, සුනාමියෙන් පසු ලංකාව එයට එරෙහිව සටන් කිරීමට සොබාදහමේ බලය විසඳුමක් ලෙස භාවිතා කිරීම අගය කළ යුතු බවත්, ආදර්ශයට ගත යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...