සිරදඩුවම් ලැබූ බ්‍රසීල පාපන්දු තරුව Dani Alves

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව Dani Alves කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වීමෙන් සිරගත කර තිබේ.

රෝයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, 2022 වසරේදී බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී අල්වේස් විසින් කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරමින් වසර හතරහමාරක සිරදඩුවම් නියම කර ඇති බවයි..

එම සිදුවීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවූවක් බව අල්වේස් පවසා ඇතැයි ද සදහන් වේ.

නමුත් එය පිළිනොගත් අධිකරණය ඔහුට එරෙහිව වසර 4 1/2ක සිර දඬුවමක් දුන් අතර වින්දිත කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

40 හැවිරිදි ඩැනී අල්වේස් ව, පසුගිය වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එතැන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...