ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසාධ්‍ය තත්වයේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රොන්කයිටිස් රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පසුගිය පෙබරවාරි 21වන දා රෝමයේ ගෙමෙල්ලි රෝහල වෙත ඇතුලත් කරන ලද ශුද්දෝත්තම පාප් වහන්සේගේ තත්වය මේ වන විට අසාධ්‍ය තත්වයේ පවතින බව වතිකානුව නිවේදනය කර තිබේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ද්විත්ව නියුමෝනියා තත්වයට පත් වූ අතර ඉන් අනතුරුව රක්තහීනතාවය හා සම්බන්ධ පට්ටිකා ප්‍රමාණය අඩුවීම හේතුවෙන් රුධිර පාරවිලයනය ද කරන ලදී.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාප්තුමාගේ වෛද්‍යවරු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබුණේ ඔහුගේ ජීවිතයට ආසන්න අවදානමක් නොමැති නමුත් ඔහු “අනතුරෙන් මිදී නොමැති” බවයි.

රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස ඔහුගේ වසර 12ක කාලයක් ධුරය දරා ඇති අතර පාප්වරයෙකු අකර්මණ්‍ය වුවහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳව කැනන් නීතියේ ප්‍රතිපාදන නොමැත.

XVI වන බෙනඩික්ට්ගේ අනුප්‍රාප්තිකයා වූ ආර්ජන්ටිනාවේ පාප් වහන්සේ ඉතිහාසයේ දෙවන වයස්ගතම පාප්වරයා වන අතර උන්වහන්සේ 2013 වසරේ සිට ලොව පුරා බිලියන 1.4 ක කතෝලිකයන්ගේ නායකයා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...