දෙටු සූරයා වොක්ෂාන් – දෙටු, කණිටු සමස්ත අනු සූරතා දෙකම ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 23,(LNW)කොළඹ :

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී නිමාව දුටු දකුණු ආසියානු රට හරහා දිවීම 2025 තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් පළමු තැන දිනා ගන්නට ශ්‍රී ලංකාව නියේජනය කළ වොක්ෂාන් වික්නරාජ් සමත් වුණා.ඔහු විනාඩි 31:56.38 න් ඉසව්ව නිමා කරමින් තරගය ජය ගැනීමට සමත් වුණා.ශ්‍රී ලංකාව නියේජනය කළ සෙසු ක්‍රීඩකයන් දෙදෙනා වූ දමිත් හේමන්ත කුමාර සහ අබේරත්න බණ්ඩා පිළිවෙලින් හත්වන සහ අටවන ස්ථාන දිනා ගන්නට සමත් වුණා.මේ දක්ෂතා නිසා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායමට සමස්ත අනු සූරතාවයද හිමි වූ අතර සූරතාවය සත්කාරක පකිස්තානට හිමි වුණා.


කණිෂ්ඨ අංශයේදී පළමු තැන පකිස්තානයේ මුස්වාර් අබ්බාස්ට හිමි වුණා.එහි දෙවන තැන ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිවගර්න තුදිහර්ෂදින් විසින් දිනා ගත්තා.ශ්‍රී ලංකාව නියෝජනය කළ රවීන්ද්‍රන් විඳූෂණ් සමස්ත තරගයේ හයවැනි තැනට පැමිණියා.ශ්‍රී ලංකාව නියෝජනය කළ අනෙක් ක්‍රීඩකයා වන කවිඳු මධුෂාන් අටවන තැනට පැමිණිමට සමත් වුණා. එම දක්ෂතාවල එකතුව සමඟ සත්කාරක පකිස්තානයට සමස්ත සූරතා දෙකම හිමි වූ ලෙස ශ්‍රී ලංකාවට සමස්ත අනු සූරතා දෙක ද හිමි වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...