මතෙන් නිදහස් වීමට ඔබත් කැමතිද?

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ LNW :

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක බව, එහි පුනරුත්ථාපනය කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් මහතා පැහැදිලි කරයි.

මෙම වැඩසටහන යටතේ ප්‍රථම කණ්ඩායම දැනටමත් සාර්ථකව පුනරුත්ථාපනය නිම කර ඇති බවත්, මින් නිදහස් වීමට කැමති ඕනෑම අයෙකුට මේ සඳහා ස්වේච්ඡාවෙන් එක්විය හැකි බවත් ඒ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා විශේෂිත දුරකතන අංකයක් ද හඳුන්වා දී ඇත.

පුනරුත්ථාපනය වීමට අපේක්ෂා කරන අය සඳහා අවශ්‍ය මගපෙන්වීම් සහ උපදෙස් ලබා දීමට රජය සූදානම් බවත්, මෙවැනි ක්‍රමවේද හරහා මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් බිහිකිරීම අමාත්‍යාංශයේ මූලික අරමුණ බවත්, ගෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.