*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ගේ ශෝක පණිවුඩය

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතාගේ හදිසි අභාවය සැළවීමෙන් මම බලවත් ශෝකයට පත්වූයෙමි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ කමල් ලියනාරච්චි මහතා සිය මාධ්‍ය දිවියට අත්පොත් තැබුවේ “ඇත්ත” පුවත්පතෙනි.

ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සමාජ යුක්ති ධර්මය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළ කමල් ලියනාරච්චි මහතා 1993 දී “යුක්තිය”පුවත්පතට සම්බන්ධ විය.

2001 වසරේ දී “ලක්බිම” දිනපතා පුවත්පතෙන් නව ගමනක් අරඹන කමල් ලියනාරච්චි මහතා දේශපාලනය හා සබැඳි වාර්තාකරනයන්හි ප්‍රමඛයෙකි.

ලක්බිම පුවත්පතේ සේවය කළ කාලයේ පටන් කමල් ලියනාරච්චි මහතා සහෘද මාධ්‍යවේදියෙකු ලෙස මා සමඟ ඉතා සමීපව කටයුතු කළේය.

නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස සේවය කරමින් සිටිය දී 2006 වසරේ දී ලක්බිම පුවත්පතෙන් ඉවත්වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට එක්වූයේ එහි සිංහල මාධ්‍ය පැමිණිලි නිලධාරී ලෙස ය.

මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා ජනමාධ්‍යයේ පැවැත්ම වෙනුවෙන් කළ අනගිභවනීය මෙහෙවර සදා අනුස්මරණීය වනු ඇත.

දිවයින පුරා පුහුණු වැඩමුළු සංවිධානය කරමින් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමටත් මාධ්‍ය ආයතන සමඟ සුහඳශීලීව ආචාර ධර්ම රැකගැනීමටත් කමල් ලියනාරච්චි මහතා වෙහෙසුනේය.

ඒ නිසාම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා දක්වා ගමන් කිරීමට කමල් ලියනාරච්චි මහතාට හැකිවිය.

කෙතරම් තනතුරු වරදාන ලැබුණද එම තනතුරු වලින් උදම් නොවී නිහතමානී වූ කමල් ලියනාරච්චි මහතා පුවත්පත් කලාවට සීමා වූ ආචාර ධර්ම විද්‍යුත් මාධ්‍ය හා නව මාධ්‍යට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූවෙකි.

අත්දැකීම්වලින් පිරිපුන් මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව රටටත් සමාජයටත් තදින් දැනෙන මොහොතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ කමල් ලියනාරච්චි මහතාගේ නික්ම යෑම මාධ්‍ය ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතාගේ අභාවයෙන් ශෝකයට පත් ඒ මහතාගේ බිරිඳ මාධ්‍යවේදිනි කමණි හෙට්ටිආරච්චි මහත්මිය, දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු සහෘද මාධ්‍යවේදීන් හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි.  

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan