*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලාංකීය LP ගෑස් වෙළඳපොලේ ඇත්ත – නැත්ත සහ තිත්ත ඇත්ත

ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ ගෑස් සිලින්ඩරය පිළිබඳ ඉතා උණුසුම් සාකච්ඡා මෙන්ම අභියෝග ද පවතින මෙවන් යුගයක ලාංකීය ගෑස් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්‍රෝ ගෑස් සමාගම මේ අවස්ථාවේදී ගෑස් හිගයක් නවතාලීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කොට ඇත. මෙම ක්‍රියාවලිය යටතේ දේශීය ගෑස් මාෆියාකරුවන් මෙන්ම ඩීල් කරුවන්  ඒ සම්බන්ධව නොයෙකුත් වූ ප්‍රචාරයන් සිදු කරමින් පවතී . මාධ්‍ය ආයතනයන් ඒ පිළිබඳ නොයෙකුත් විමර්ශනයන් කරනු ලබන අතර සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකීය ගෑස් වෙළෙඳපොළේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව ඇත.

අප මුලින්ම ජත්‍යන්තර වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව ගෑස් මිල දී ගනු ලබන්නේ කුමන පදනම යටතේ ද යන්න පිළිබඳව විමසිය යුතුය. ඒ, ජාත්‍යන්තරව පිළිගත් CIF යන පදනම යටතේය. එනම් නිෂ්පාදන වියදම, රක්ෂණ ගාස්තු ,සහ නැව් ගාස්තු යන මූලික කරුණුය ( cost /insurance/ freight) ලාංකීය සමාගමට බලපෑම් කිරීම හෝ ටෙන්ඩර් පටිපාටිය යටතේ මිල වෙනස් කරගත හැක්කේ නැව් ගාස්තු වලින් (freight)පමණි.  අනිත් ප්‍රධාන කරුණක් වන ගෑස් නිෂ්පාදන පිරිවැය සම්බන්ධව (Cost) මිල තීරණය කරනු ලබන්නේ saudi aramco සංවිධානය මගිනි. ජාත්‍යන්තරව ඉහල පහල යන නියත තත්ත්වයක් වන අතර ගෑස් මිළ දී ගන්නා රටවල්වලට ඒ සම්බන්ධව බලපෑමක් සිදු කිරීමට නොහැක. saudi aramco සංවිධානය තීරණය කරනා එල්පී ගෑස් මිල කිසිදු අයුරකින් වෙනස් අයෙකුට බලපෑම් කොට වෙනස් කරගත නොහැක.උදාහරණයක් ලෙස ගත් කල බොර තෙල් මිල තීරණය කරනා opec සංවිධානය මෙන්ම Saudi aramco සංවිධානය ජාත්‍යන්තර LP ගෑස් මිල තීරණය කරනු ලබයි. අනිත් ප්‍රධාන කාරණාව වන රක්ෂණ ආවරණ යන්ද (insurance) ජාත්‍යන්තරව සම්මතයන් පරිදි ක්‍රියාත්මක වන නිසා  ගෑස් මිලදී ගන්නා ආයතන වලට ඒ සදහා කිසිදු බලපෑමක්  කළ නොහැක. මෙය මූලධර්මාත්මක විග්‍රහයක් වුවද එම පදනමෙන් තොරව ශ්‍රී ලංකාවට ගෑස් ලබාගත නොහැක.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම පසුගිය වසර දෙකෙහි තම ගෑස් සැපයුම්කරු ලෙස (freight) තෝරාගනු ලැබූයේ ටෙන්ඩර් පටිපාටිය මත oman trading gas (Oq Trading) සමාගමය. ඒ සඳහා ඔවුන් ගෑස්  මෙට්‍රික් ටොන් එකක්  සැපයීම සඳහා ඩොලර්  105.40 ලබා ගන්නා ලදී. . 2022/2/28 වනවිට එම සමාගම සතු ටෙන්ඩර් සැපයුම් කාල සීමාවඉක්මවීමට තිබිණි . ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ වර්තමාන සභාපතිවරයා වන තෙෂර ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ එම සමාගමට වඩා අඩුවෙන් ගෑස් ලබාගැනීම තමාගේ බලාපොරොත්තුව බවයි. නමුත් දිගින් දිගටම එම oman trading gas( OQ Trading) සමාගමෙන්  ම පමණක් ගෑස් ලබාගැනීමට ඒ හා සම්බන්ධ ගෑස් මාෆියාව නිතර නිතර බලපෑම් සිදු කරන ලදී. එම අදෘශ්‍යමාන බළල් හස්තය තමන්ට යටි මඩි ඩොලර් දිගු කරනා එම සමාගම වෙනුවෙන් නොයෙක් බලපෑම් කල අතර  බොහෝ අවස්ථාවල නව ගෑස් ටෙන්ඩරය එනම් 2022 /02/22     පසුව ලබා ගැනීමට ඇති ටෙන්ඩරය කෙසේ හෝ ප්‍රමාද කොට පෙර පැවති oman trading gas  ආයතනයෙන් ගෑස් ලබාගැනීමට හෝ වෙනත් වාසිදායක කූඨ ගනුදෙනුවක් කිරීම සදහා නිතර  ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාරීත්වයට නොයෙකුත් බාධා බලපෑම්  සිදු කරන ලදී. 

ලිට්රෝ ගෑස් ලංකා සමාගම 2021 ජූනි මාසයේදී නව ටෙන්ඩර් පටිපාටිය සඳහා සූදානම් වූ අතර එහිදී කැබිනට් අනු කමිටුවක් මගින් එය එසේ සිදු නොකරන ලෙසත් ලංකාවට ගෑස් ලබාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් siyolit  නම් ආයතනයක් ස්ථාපිත කොට ඇති බවත් ඒ හරහා ගෑස් ලබාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස බන්දුල ගුණවර්ධන පාරිභෝගික අමාත්‍යවරයා විසින් 2021. 06. 27 ලිට්‍රෝ ගෑස් සමාගමට දන්වා ඇත.එම අවස්ථාවේදී අපි එය නීත්‍යානුකූල  නොවන සංවිධානයක් බව ප්‍රකාශකර සිටියෙමු . ලිට්‍රෝ සේවකයින් විද්වතුන් සහ දේශපාලන පක්ෂ විසින් එම siyolit  සමාගමේ වංචනික ස්වභාවය පෙන්වා දුන් අවස්ථාවේදී එවකට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් එම සංවිධානය බලරහිත කරන ලදී. 2021/10/28 එම තීරණය ක්‍රියාත්මක කරන තෙක් මෙම අදෘශ්‍යමාන හස්තය ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ටෙන්ඩර් පටිපාටිය මාස පහක් නවතා දමා ප්‍රමාද කරන ලදී.

2021 ඔක්තෝබර් මාසයේදී ලිට්රෝ ගෑස් සමාගම නව ටෙන්ඩර් පටිපාටිය නැවතත් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ශ්‍රී ලාංකීය ගෑස් වෙළෙඳපොළ යම් බලපෑමකට ලක් විය. හරියාකාරව හඳුනා නොගත් ගෑස් ගිනිගැනීම් හා ඒ සම්බන්ධව සිදුවු නොයෙකුත් සිද්ධීන් රාශියක් මගින් වෙළෙඳපොළ ව්‍යාකූල තත්වයක් ඇතිවූ අතර එකිනෙකට පරස්පර මති මතාන්තර මධ්‍යයේ ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් විසින් (SLSI) 2021/12/16 නව ගෑස් සංයුතියක් හඳුන්වා දුන් අතර යම් බලපෑමක් මත එය ප්‍රමාද කොට සිදු කරන ලදී.එසේ ප්‍රමාද කරන ලද්දේ ලිට්‍රෝ ගෑස් සමාගමට තම ටෙන්ඩර පටිපාටිය සඳහා අවශ්‍ය ගෑස් සංයුතිය සම්බන්ධව  තාක්ෂණික නියතයන් technical specification හිතාමතාම ලබාදීම ප්‍රමාද කිරීමේ අරමුණිනි. මෙම බාධා කිරීම් සදහා ගෑස් වෙළෙඳපොළ තම ග්‍රහණයට ලබා ගැනීමට මාන බලන එම අදෘශ්‍යමාන බලවේගය දූෂිත නිලධාරීන් හරහා කෙලින්ම සම්බන්ධ විය.. මෙහිදී සිදුවූයේ ද ලිට්රෝ ගෑස් සමාගමේ ටෙන්ඩරයට බලපෑම් කොට ප්‍රමාද කිරීම සිදු කිරීමයි.

මේ අවස්ථාව වන විට ලිට්රෝ ගෑස් ලංකා සමාගමට මෙම ටෙන්ඩර් පටිපාටිය ප්‍රමාදවීම නිසා 2022 පෙබරවාරි මාසයෙන් පසුව ගෑස් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමට මුහුණ දීමට සිදු විය. එහිදී ලිට්ට්‍රෝ ගෑස් කළමනාකාරිත්වය 28/12/2021 වනදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර සිටියේ ප්‍රධාන ගෑස් ටෙන්ඩර් ක්‍රියාදාමය සඳහා යම් කාලයක් ගත වන බැවින් ශ්‍රී ලංකාව තුළ  ගෑස් හිඟයක් ඇතිවීම නවත්වා ගැනීමට ප්‍රධාන ටෙන්ඩරය ක්‍රියාත්මක වෙන තෙක් මාස තුනකට පමණ ”ඉක්මන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්”  යටතේ ගෑස් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසය. 05/01/22  දින රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත අතුල කුමාර මහතා විසින් එම යෝජනාව සලකා බැලූ බවත් රට තුළ ගෑස් හිගයක් ඇතිවීම වළක්වා ලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ”හදිසි ලබාගැනීමේ ටෙන්ඩරයක්” සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමට සහ එහි කළමනාකාරීත්වයට බලය පවරන ලද බව ලිපියකින් දන්වන ලදී.
 
05/01/2022     ලිට්රෝ සමාගම පුවත්පත් දැන්වීමක් මගින් මෙම හදිසි මිලදීගැනීමේ ටෙන්ඩරය ප්‍රසිද්ධියට පත් කළ අතර ජාතියන්තර ගනුදෙනුවක් බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය ,තානාපති කාර්යාල හරහා ද එම ටෙන්ඩර් දැන්වීම ප්‍රචාරය කිරීම සිදු කළේය.

ලාංකීය ගෑස් වෙළෙඳපොළ ග්‍රහණයට ලබා ගැනීමට මාන බලන අදෘශ්‍යමාන හස්තය නොයෙකුත් වූ බලපෑම් කළ ද මෙම ටෙන්ඩරය සඳහා තම මිල අගයන් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර ආයතන හයක්  6  ඉදිරිපත් විය. ඉතා විශ්මයජනක කාරණාව වූයේ කලින් ලිට්රෝ ගෑස් සමාගමට ගෑස් සැපයුම් කළ oman trading (oq trading)ආයතනය මෙම ටෙන්ඩර සඳහා ඉදිරිපත් කළ මිල  ඩොලර් 145 ක් වීමය. එනම් එම සමාගම ලිට්‍රෝ ගෑස් සමාගමට පෙර ලබාදුන් මිලට වඩා ඉහළ අගයකට ය. ඔවුන් කලින් සැපයුම් කරන ලද්දේ ඩොලර් 105.40 කට ය.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ තාක්ෂණික කමිටුව විසින් එම ජාත්‍යන්තර ආයතන හයෙන් වඩා වාසිදායක අඩුම ලන්සුව ඉදිරිපත් කළ  SHV ආයතනය තම තාවකාලික ගෑස් සැපයුම්කරුවා (freight) ලෙස තෝරා ගන්නා ලද්දේ ගෑස් මෙට්‍රික් ටොන් එකකට  ඩොලර් 97.88  වන ඉතා අඩු මිලකටය. SHV සමාගම වනාහි 1896 නෙදර්ලන්තයේදී ස්ථාපිත කරන ලද ලොව දැවැන්ත ගෑස් සමාගම් සැපයුම්කරුවෙකු වේ  .එවැනි ජාත්‍යන්තර තලයේ සැපයුම්කරුවකු ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ සම්බන්ධ වීම එක් අතකින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලැබූ ජයග්‍රහණයකි oman  trading  (0q trading)මින් ඉහතදී  litro ගෑස් සමාගමට ගෑස් සැපයුම කරන ලද්දේ ඇමරිකානු ඩොලර් 105.40 වැඩි මිල ගණනකට ය. මෙම නව මිල ගණන් යටතේ මිලදී ගැනීමේදී ඉදිරි මාස කීපය ඇතුලත ගෑස් මෙට්ට්‍රික් ටොන් 60000  මිලදී ගැනීමෙන්  ලිට්රෝ ගෑස් ලංකා සමාගමට හිමිවන අමතර ලාභය රැපියල් මිලියන 92ක් වන බව සමාගම් ආරංචි මාර්ග පවසයි.

ජාතික සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම දිගින් දිගටම සිදුවන බලපෑම් හමුවේ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් තම ජයග්‍රහණයක් අත්පත් කර ගත් අවස්ථාවක් ලෙස මාධ්‍ය මෙම තත්ත්වය හුවා දක්වයි. නමුත් ශ්‍රී ලාංකීය ගෑස් වෙළඳපොළ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අදෘශ්‍යමාන බලවේගය මේ වන විට ද සිය බලපෑම් නවතා දමා නැත. ඉදිරියේදී ප්‍රධාන ගෑස් ටෙන්ඩරය ඔවුන් සතු කර ගැනීම සඳහා මේ වන විට නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කොට ඇති බව අප හට දැන ගැනීමට ලැබී ඇත. ශ්‍රී ලාංකීය ගෑස් වෙළෙඳපොළ කුමන ආකාරයට හැසිරෙන්නේ දැයි යන්න පිළිබඳව අපි ඉදිරියේදීත් ඉතා විමසිලිමත් වන බව ජනතාවට දන්වා සිටින්නෙමු.

~ ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය

සංස්කාරක සටහන –

ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය විසින් යොමුකර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන්ගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් එම අවස්ථාව ලබාදීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan