තෙල් නිපදවන ඩුබායි රටටත් වඩා අපේ රටේ ඩීසල් මිල අඩුයි – ඇමති බන්දුල (VIDEO)

Date:

ඉන්ධන නිෂ්පාදනය කරන රටක් වන ඩුබායි රාජ්‍යයටත් වඩා ශ්‍රී ලංකාවේ ඩීසල් මිල අඩු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

”ඔව්, ඒ රටේ තෙල් නිපදවන රටක්. අපි බොරතෙල්, අනිත් තෙල් ආනයනය කරනවා ඩුබායි රාජ්‍යයෙන්. ඒ රටේ පෙට්‍රල් ලීටරයක් ලංකාවෙ මුදලින් රුපියල් 154ක් වන අතර තෙල් නිපදවන රටේ ඩීසල්, පෙට්‍රල් වලට වඩා විශාල මිලකට තමා අලෙවි කරන්නෙ. ඉතින් ඔවුන් කියන්නෙ මේ ලෝකයේ පවතින කොවිඩ් – 19 වසංගතය යටතේ ලෝක ආර්ථිකයට ඇතිවෙලා තියෙන බලපෑම ඔවුන්ටත් දැනෙනවා කියලා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) හෝමාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරන්නේ පෙට්‍රල් ලීටරයක් රු. 177කට සහ ඩීසල් ලීටරයක් රු. 121කට වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...