Saturday, June 3, 2023
spot_img

Latest Posts

මිල වැඩිවීමක් නෑ. අඛණ්ඩව ඉන්ධන සැපයීමට විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපතිගෙන් නියෝග (VIDEO)

අඛණ්ඩව ජනතාව වෙත ඉන්ධන සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නියෝග කර තිබේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට ද එහිදී සාකච්ඡා වුණු බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

”තෙල් මිල වැඩි කරන්නෙත් නැතුව අඛණ්ඩව ඉන්ධන ලබාදෙන්න තමයි සාකච්ඡා වුණේ. අද තිබෙන ඉන්ධන නැව සඳහා මුදල් දැනටමත් ලබාදුන්නා. ඒ වගේම ඉදිරියේදීත් ඉන්ධන හිඟයකින් තොරව ලබාදෙන්න ඕනෙ කියන මතය තමයි අපි කවුරුත් සාකච්ඡා කළේ. ඉන්ධන මිල වැඩිවීමක් මේ අවස්ථාවේදී සිදුවෙන එකක් නැහැ. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟවුණා අවශ්‍ය මුදල් ලබාදෙන්න විදුලිබල මණ්ඩලයේ තිබෙන ණය වෙනුවෙන්. එතකොට රුපියල් බිලියන 80ක විතර මුදලක් සඳුදා වෙනකොට ලැබෙයි”

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වී පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.