මිල වැඩිවීමක් නෑ. අඛණ්ඩව ඉන්ධන සැපයීමට විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපතිගෙන් නියෝග (VIDEO)

අඛණ්ඩව ජනතාව වෙත ඉන්ධන සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නියෝග කර තිබේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට ද එහිදී සාකච්ඡා වුණු බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

”තෙල් මිල වැඩි කරන්නෙත් නැතුව අඛණ්ඩව ඉන්ධන ලබාදෙන්න තමයි සාකච්ඡා වුණේ. අද තිබෙන ඉන්ධන නැව සඳහා මුදල් දැනටමත් ලබාදුන්නා. ඒ වගේම ඉදිරියේදීත් ඉන්ධන හිඟයකින් තොරව ලබාදෙන්න ඕනෙ කියන මතය තමයි අපි කවුරුත් සාකච්ඡා කළේ. ඉන්ධන මිල වැඩිවීමක් මේ අවස්ථාවේදී සිදුවෙන එකක් නැහැ. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟවුණා අවශ්‍ය මුදල් ලබාදෙන්න විදුලිබල මණ්ඩලයේ තිබෙන ණය වෙනුවෙන්. එතකොට රුපියල් බිලියන 80ක විතර මුදලක් සඳුදා වෙනකොට ලැබෙයි”

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වී පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...