සියලු වෙලුම් පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට භාර නොදී තිබූ සියලුම වෙලුම් අද දිනයේදී පාර්ලිමේන්තුව හමුවට ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂවරයා වන හරිගුප්තා රෝහණධීර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (2022.02.22) දින මෙම වෙලුම් භාර දෙනු ලැබීය.

පසුගිය වසරේ අප්‍රේල් 08 වනදා (2021.04.08) වනදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදී තිබුණද නීතිමය හේතූන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් සහ සළකුණු අනාවරණය කර නොතිබිණි. කෙසේ වෙතත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කර ගත් කරුණු ජනතාව අතරට සංනිවේදනය විය යුතු බැවින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාල වෙලුම් පාර්ලිමේන්තුවට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි .

Rashika Sandamali Hennayake Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...