අමාරුම දේ මියගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගන්නා කෙනෙකු වීමයි – මහින්ද රාජපක්ෂ

Date:

දේශපාලනඥයකුට අසීරුතම කරුණ වන්නේ මියගිය පසුවත් ජනතාවගේ ආදරයට පාත්‍රවන පුද්ගලයකු බවට පත්වීම බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අප සියලු දෙනා දේශපාලනය කරන්නෙ ජනතාවට සේවය කරන්න. හැබැයි ඒ ජනතාව නැවත අපිට ආදරය කරන, ගරු කරන තත්වයට පත්වෙන එක ජනතාවගේ ආදරය දිනාගන්න එක එච්චර ලේසි පහසු කාරණයකුත් නෙවෙයි. අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මැතිතුමා මියයනතුරුත් මියගිය පසුවත් තමන්ගෙ ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගත්තායි කියලායි මම විශ්වාස කරන්නෙ. මේක තමයි දේශපාලනඥයෙකුට අමාරුම දේ කියලා මම විශ්වාස කරනවා. අපි මොන තරම් හොඳ කළත් මිනිස්සුන්ට එක වැරැද්දක් ඇති තැන ඒ ඔක්කොම හොඳ නරක් වෙනවා කියන එකත් ඔබ හොඳට දන්නවා. අපි එදා අවමඟුල් උත්සවයට ගිය වෙලාවේ දැක්කා මොන තරම් ජනතාවක් අපේ සනත් නිශාන්ත මැතිතුමාගේ දේහයට අවසන් ගෞරවය දක්වන්න පැමිණියාද කියලා. සමාජයේ ඔහු ගැන වැරදි මතයක් ඇතිකරන්න ඇතැමෙක් හිතාමතාම කටයුතු කළ බව ඔබ දන්නවා. ඒ සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අපවාද පවා නැඟූ බවත් ඔබ දන්නවා. එහෙත් මියගිහිල්ලාත් ජනතාවගේ ආදරයට ලක්වෙන දේශපාලනඥයකු වෙන එක ඒ මඩවලට වඩා අමාරු දෙයක්. සනත් නිශාන්ත මන්ත්‍රීතුමා ඒක ලෝකයාට පෙන්නුවා කියලායි මම විශ්වාස කරන්නෙ”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝක යෝජනාව ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...