අද ජාතික ආරක්ෂාව වෙනුවට රටම අනාරක්ෂිත වෙලා. ආණ්ඩුව වගකීම් ඉටුකිරීමට අසමත් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මිනිසුන්ගේ ආදායම් අඩු වී ජීවනෝපාය කඩා වැටුනත් රජය තමන්ගේ වගකීම ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් ජනජීවිත ආරක්ෂා කර මිනිස් සම්පත සුරක්ෂා කිරිමට අපොහොසත් වී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ලොකුවට කතා කළ වත්මන් දුර්වල අකාර්යක්ෂම ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවට රටම අනාරක්ෂිතභාවයට පත් කරන්න කටයුතු කර ඇති බවත් අද වන විට නීතිය වල්බිහි වී යුක්තිය සාධාරණත්වය ඉටු නොවන බවත් නීතියේ ආධිපත්‍ය පවා විනාශ වී අධිකරනය තුළ පවා මිනීමරණ තැන රට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල ආසන සංවිධායක නිහාල් ෆාරුක් මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

ජනතාවට ආරක්ෂාව සැපයීමට සිටින ආණ්ඩුව තම වගකීම හරියට ඉටු නොකිරීම නිසා මිලේච්ඡත්වය, මිනිමරන සංස්කෘතිය හා කැලෑ නීතිය රජ වී ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි වී ඇති බවත් නිදහස්, නිවහල්, බියෙන් සැකෙන් තොර සමාජයක් නිර්මාණය කරන්න නොහැකි වී ඇති බවත් ජනතාව විනාශ කරන සංස්කෘතිය පවා රජ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද ප්‍රවෘත්ති බලන විට මේ මිනිමැරුම් සුලබ වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ රටක් පාලනය කරන්න බැරි රජයකට පළාත් පාලන ආයතන ද පාලනය කළ නොහැකි බවත් මොවුන්ට ජනතාවට ඉටු විය යුතු සේවාව ඉටු කළ නොහැකි බවත් කියපු දේ නොකළ මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේ දී පැහැදිලි පණිවිඩයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාව අන්දවා බලයට ආ මේ අය අද එදා කියපු දේවල් ඉටු නොකරන බවත් රැකියා විරහිත උපාධිධාරීන් අනාථ වී ඇති බවත් රාජ්‍ය සේවකයන්ට මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා කියූ වත්මන් රජය අද සියලු දෙනා අනාථ කර ඇති බවත් කුඩා දරුවාගේ සිට ජන සමාජයේ සමස්ත ජනතාව අන්ත අසරණ භාවයට පත් කළ මේ රජයට පළාත් පාලන මැතිවරණයෙ දී පණිවිඩයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...