පිටි නෑ, මාගරින් නෑ, ගෑස් නෑ, බේකරි 300 ක් වසා දමයි

0
343

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා බලපාන ගැටලු රැසක් හේතුවෙන් බේකරි හිමියන් අන්ත අසරණ වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ වනවිට බේකරි 300 කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

තිරිඟු පිටි, ෆාම් තෙල්, පොල් තෙල්, මාගරින් මිල පෙරට වඩා 100% කින් මිල ඉහළ ගොස් ඇති බවත්, පවතින මිලටද එම ද්‍රව්‍ය වෙළඳපොලේ මිලදී ගැනීමට නොමැති බවත් ජයවර්ධන මහතා පවසනවා. මෙම තත්වය මත දැනට ක්‍රියාත්මක බේකරිවලද පාන් නිෂ්පාදනය සතියට දින 05 ක් පමණක් සිදු කරන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

බේකරි හිමියන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට අවශ්‍ය පියවර නොගතහොත් තවත් බේකරි විශාල ප්‍රමාණයක් වැසී ගොස් බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටිය හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා බේකරි කර්මාන්තය ගොඩ ගැනීමට මැදිහත් වෙන්නැයි ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටිනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here