*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට සහල් අපනයනය වාසිදායකයි, ටොන් එකට ඩොලර් 100 ක් වැඩිපුර ලැබෙනවා – මියන්මාරය

පොහොර අර්බුදය හේතුවෙන් රටතුල මතුව ඇති සහල් හිගය වළක්වා ගැනීම සඳහා පසුගිය කාලයේදී විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබිණි. එහිදී වැඩි සහල් ප්‍රමාණයක් ආනයනය කළේ මියන්මාරයෙනි.

මේ අතර මියන්මාර බළධාරීන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ වෙනත් රටවලට සහල් අපනයනය කිරීමට වඩා ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීම වඩාත් වාසිදායක බවයි. මේ නිසා කිසිදු සීමාවකින් තොරව ශ්‍රී ලංකාවට සහල් අපනයනය කරන බව එම බළධාරීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

වෙනත් රටවලට සහල් අපනයනය කිරීමේදී සහල් මෙට්‍රික් ටොන් එකක් සඳහා අයකරන මුදල ඇමරිකානු ඩොලර් 340 – 350 අතර මුදලක් ලැබෙන අතර කෙසේ නමුත් ශ්‍රී ලංකාව මියන්මාරයෙන් සහල් මිලදීගෙන තිබෙන්නේ මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 440 – 450 අතර මුදලකටයි. ඒ අනුව වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී මියන්මාරය ලබන අමතර ලාභය ටොන් එකකට ඇමරිකානු ඩොලර් 100 කි.

මීට අමතරව ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී සහල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් එතරම් ගැටලු මතු නොවන බවද මියන්මාර බළධාරීන් පවසා තිබෙනවා.

මෙම වසරේදී සහ 2023 වසරේදී මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 150,000 බැගින් මිලදී ගැනීමට මේ වනවිටත් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව විසින් ඒ සඳහා අමතරව වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15 කි. එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 03 කට සමාන මුදලකි.

අදාල වාර්තාව මෙතැනින්….

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan