රුසියානු ෂෙල් ප්‍රහාරවලින් 40 ක් මරුට – දහස් ගණන් ජනයා යුක්රේන අගනුවරින් පළා යයි

0
587

අද උදෑසන යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව පියවර ගත් අතර රුසියාව විසින් දිගින් දිගටම යුක්රේනය වෙත ෂෙල් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී.

රුසියානු ෂෙල් ප්‍රහාරය හේතුවෙන් යුක්රේන සෙබළුන් 40 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මේ දක්වා ඒ් පිළිබඳව යුක්රේන බළධාරීන් තහවුරු කර නොමැත.

මේ වනවිට යුක්රේන අගනුවර වන කිව් නගරයෙන් දහස් ගණන් ජනයා පළා යමින් සිටින අතර මේ නිසා කිව් අගනුවර ආශ්‍රිත මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු පහරදීම් හමුවේ සිය ගුවන් කලාපය වසා දැමීමට යුක්රේන පාලනය පියවර ගෙන තිබෙනවා. සිවිල් ගුවන් සේවාවල ආරක්ෂාව තහවුරු කර නොහැකි වීම නිසා මෙම පියවර ගෙන තිබේ. මේ නිසා යුක්රේනය සහ සෙසු රටවල් අතර සියලු ගුවන් සබඳතා ඇණහිට තිබෙනවා.

මතුව තිබෙන අනාරක්ෂිත තත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන් අතට ගිනිඅවි ලබාදීමට යුක්රේන රජය තීරණය කළේය.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව වෙත දැඩි විරෝධයක් ජාත්‍යන්තරයෙන් එල්ල වී තිබේ. අර්බුදය සමනය කර ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඇමරිකා-රුසියා රාජ්‍ය නායක සාකච්ඡාද කල්දමා තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here