රුසියානු ෂෙල් ප්‍රහාරවලින් 40 ක් මරුට – දහස් ගණන් ජනයා යුක්රේන අගනුවරින් පළා යයි

Date:

අද උදෑසන යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව පියවර ගත් අතර රුසියාව විසින් දිගින් දිගටම යුක්රේනය වෙත ෂෙල් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී.

රුසියානු ෂෙල් ප්‍රහාරය හේතුවෙන් යුක්රේන සෙබළුන් 40 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මේ දක්වා ඒ් පිළිබඳව යුක්රේන බළධාරීන් තහවුරු කර නොමැත.

මේ වනවිට යුක්රේන අගනුවර වන කිව් නගරයෙන් දහස් ගණන් ජනයා පළා යමින් සිටින අතර මේ නිසා කිව් අගනුවර ආශ්‍රිත මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු පහරදීම් හමුවේ සිය ගුවන් කලාපය වසා දැමීමට යුක්රේන පාලනය පියවර ගෙන තිබෙනවා. සිවිල් ගුවන් සේවාවල ආරක්ෂාව තහවුරු කර නොහැකි වීම නිසා මෙම පියවර ගෙන තිබේ. මේ නිසා යුක්රේනය සහ සෙසු රටවල් අතර සියලු ගුවන් සබඳතා ඇණහිට තිබෙනවා.

මතුව තිබෙන අනාරක්ෂිත තත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන් අතට ගිනිඅවි ලබාදීමට යුක්රේන රජය තීරණය කළේය.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව වෙත දැඩි විරෝධයක් ජාත්‍යන්තරයෙන් එල්ල වී තිබේ. අර්බුදය සමනය කර ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඇමරිකා-රුසියා රාජ්‍ය නායක සාකච්ඡාද කල්දමා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...