*
Friday, March 29, 2024
spot_img

Latest Posts

දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිවරයා සේවක ගැටලු විමසා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබීය.

සේවක බඳවා ගැනීම, උසස්වීම් හා සම්පත් කළමනාකරණය ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දුම්රිය එන්ජින්, මැදිරි, ගැල් ඇතුළු යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා හා නඩත්තු කිරීමෙන් විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම මෙහෙවර කර ගනිමින් 1933 වර්ෂයේදී යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය හා කර්මාන්ත ශාලා පරිශ්‍රය ආරම්භ කර තිබේ. Locomotive Group, Carriage & Wagon Group, Production Group, Electrical Group ලෙස අංශ 04කින් සමන්විත කර්මාන්තශාලාව අක්කර 32කින් යුත් භූමියක පිහිටා ඇත.

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් ඉංජිනේරු කාර්ය මණ්ඩලයක්, 2,301 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික හා තාක්ෂණික නො වන කාර්ය මණ්ඩලයක් රත්මලාන කර්මාන්තශාලා 30ක සහ කොළඹ කර්මාන්තශාලා 06ක සේවයේ යෙදෙති.

වසරකදී දුම්රිය මැදිරි 110ක් පමණ රත්මලාන කර්මාන්තශාලාවට අලුත්වැඩියාව සඳහා යොමු කෙරේ. පවතින සේවක ගැටලු හේතුවෙන් අලුත්වැඩියා කළ හැක්කේ මැදිරි 70ක් පමණ බවත් පසුගිය දෙවසර තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංඛ්‍යාව ද 50%කින් අඩු වූ බව සේවකයෝ පවසති.

පුහුණු සේවකයින් බඳවා ගැනීමේදී පවතින ගැටලු ඉවත් කර ශ්‍රී ලංකා – ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව ලැබූ පිරිස් බඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. දුම්රිය අලුත්වැඩියාවේදී හඳුනා ගත් අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර දෙන ලෙස ප්‍රධාන ඉංජිනේරු කීර්ති හේවාවිතාන මහතාට උපදෙස් දුන්නේය.

කර්මාන්තශාලා පරිශ්‍රය තුළ භාවිතයට නොගෙන ගොඩ ගසා තිබූ ටොන් 6,700ක් පමණ වන අබලි ද්‍රව්‍ය දිරා යාමට ලක් වෙමින් තිබිණ. ඒවා වහාම වෙන්දේසි කර ඉන් ලැබෙන මිලියන 600 ක පමණ ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබීය.

කර්මාන්තශාලාවේ සේවයේ නියුතු පිරිසෙන් 80% ක් පමණ කම්කරු සේවයට අයත් වන අතර ඉන් බොහෝ දෙනෙක් කම්කරුවෙකු ලෙස සේවයට පැමිණ එම ශ්‍රේණියේම විශ්‍රාම යන බව සේවකයෝ ජනාධිපතිවරයා සමඟ පැවසූහ. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර සේවා පළපුරුද්ද හා පුහුණුවීම් සැලකිල්ලට ගෙන කම්කරුවන් ලෙස සේවයට එක්වන පිරිසට ද උසස්වීම් පටිපාටියක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan