රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව කොස්ගස් හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පොලිසිය පවසයි.

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් ලොරි රථයට ඉදිරියෙන් ධාවනය කෙරෙමින් තිබූ ත්‍රී රෝද රථයක් එකවරම දකුණට හැරවීමට යාමත් සමඟ අනතුර සිදුව තිබෙන බව පවසේ.

ත්‍රී රෝද රථය මීටර් 30 ක් පමණ  ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ ලොතරැයි කූඩුවක ගැටී ඇති බව වාර්තා වේ.

අඹුසැමියන් මෙම ත්‍රී රෝද රථයේ ගමන් කර ඇති අතර සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 33 ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...