මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීමමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): මියන්මාර්, මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කර තර ඇති බව සඳහන් වේ.

ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදි අවධාරණය කෙරුණු බව වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පැවසුවේය.

විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇහි බවත්, මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගෙන දිවයිනට ගෙන්වා ගැනීමට සහය දෙන බව පොරොන්දු වෙමින්, අදාළ පවුල්වලින් මුදල් ලබා ගැනීමේ කටයුතුවල ඇතැම් පුද්ගලයින් නිරතවන බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.

එවැනි පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස අමාත්‍යංශය දැනුම් දෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ, අදාල ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය අලි සබ්‍ර් මහතා, මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...