මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීමමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): මියන්මාර්, මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කර තර ඇති බව සඳහන් වේ.

ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදි අවධාරණය කෙරුණු බව වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පැවසුවේය.

විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇහි බවත්, මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගෙන දිවයිනට ගෙන්වා ගැනීමට සහය දෙන බව පොරොන්දු වෙමින්, අදාළ පවුල්වලින් මුදල් ලබා ගැනීමේ කටයුතුවල ඇතැම් පුද්ගලයින් නිරතවන බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.

එවැනි පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස අමාත්‍යංශය දැනුම් දෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ, අදාල ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය අලි සබ්‍ර් මහතා, මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...