“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): “ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹුණු අතර, නව සන්ධාන ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී සිටින බව එම පක්ෂයේ වාර්තා කරු පවසයි.

නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවැත්වෙන කොළඹ හයිඩ් පාර්ක් රැළියට , රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් නව සන්ධාන වැඩපිළිවෙළට සහය දක්වමින් එක්ව ඇති බව පැවසේ.

මේ අතර නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව තොරතුරු වාර්තා වේ.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටින බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...