පාසල් සිසුන් ප්‍රවාහන පෞද්ගලික බස් රථයක රියදුරෙක් බීමතින් රිය පදවලා

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ (LNW):

බීමත්ව රිය පැදවීම හේතුවෙන් පාසල් සිසුන් ප්‍රවාහන පෞද්ගලික බස් රථයක රියදුරෙක් සහ එම බස් රථය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී, කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරු බීමතින් කුලියාපිටිය නගරයේ පාසලක සිට ඒ ආසන්නයේ පිහිටි තවත් පාසල් කිහිපයකට ළමයින් ප්‍රවාහනය කර තිබෙන අතර, . එම අවස්ථාවේ ඔහු අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදීම හේතුවෙන් පොලීසිය ඔහු පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව හෙළිවී ඇත්තේ එම රියදුරු බීමතින් පාසල් දරුවන් ප්‍රවාහනය කර ඇති බවයි. පසුව රියදුරු අත්අඩංගුවට ගත් පොලීසිය බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

එම බස් රථයේ සිටි පාසල් දරුවන් පෞද්ගලික වාහන මගින් නිවෙස් වෙත යැවීමට කුලියාපිටිය පොලීසිය කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් 37 හැවිරිදි රියදුරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුර වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...