කොටවිල Crime OIC වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් ඇයව ඊයේ (03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඇයව අත් අඩංගුවට ගෙන තිබුණේ නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙනි.

මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථය මිලදීගැනීම සඳහා සහ ලීසිං වාරික ගෙවීම සඳහා මුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබුණු අතර හොන්ඩා වෙසෙල් වර්ගයේ එම මෝටර් රථය ද මීට සති දෙකකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...