සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ ඉලක්ක ජනපති පැහැදිලි කරයි

Date:

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පසුගියදා (23) පැවති හමුවකට එක් වෙමිනි.

සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...