ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට ADB, WB, JICA ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල සහාය

Date:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් ‍‍සංවර්ධන නියෝජිත ආයතනවල හමුවක් පැවැත්වී තිබේ.

එම ආයතනවලින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ලබා ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් සිදු කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කර ගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන සිදු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ඉල්ලා සිටි අතර එම ආයතන විසින් කණ්ඩායමක් ලෙස බෙදා ගනිමින් එම සහය ලබා දීමට එකඟතාවය පළ කර ඇත.

මෙම හමුවට අසියානු සංවර්ධන බැංකුව (ADB) , ලෝක බැංකුව (WB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA), ඇමෙරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID), ජාත්‍යන්තර මුල්‍ය ආයතනය (IFC), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළළ (UNDP), විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD), ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව (NPD) නියෝජනය කරන මෙරට ප්‍රධානීන් සහ ආයතන නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමට පත් කරන ලද කමිටුවේ නියෝජිතයෝ සහභාගි වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...