කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මුදා ගත්තා – අලි සබ්රි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): විසඳුමක් සෙවීමට නොහැකි තරම් බරපතල ආර්ථීක අර්බුදයට පත් වූ අනෙකුත් රටවලට සාපේක්ෂව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටී.

අමාත්‍යවරයා පවසන්නේ ග්‍රීසිය, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව ඇතුලු ආර්ථික අර්බුදයට පත් රටවල් රැසකට එම තත්ත්වයෙන් මිදීම සඳහා වසර 10කට අධික කාලයක් ගත වූ බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයට වසර 30ක් සම්පූර්ණවීමට නිමිත්තෙන් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි,

මුස්ලිම් වෙළඳ සංගමයේ සංවත්සර සැමරුමට සමගාමීව ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ඉහළ නිපුණතා දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්  සහ සමාජ සේවකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට බලපෑ රිච්ටර් මාපකයේ 8.8ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජපානයට හා රුසියාවට සුනාමි තත්වයක්

සටහන: සශිකලා මධුෂාණිජුලි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(30)අලුයම රුසියාවේ කම්චැට්කා...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...