*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

විරේන් ඔලිමිපික් මායිමේ සටන් කරමින් සිටියි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 25 කොළඹ (LNW): පැරිස් 2024 ඔලිමිපික් තරගාවලිය නියෝජනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විරේන් නෙත්තසිංහට බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් අවස්ථාව හිමිවීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇත.මේ වසරේ අප්‍රෙුල් 28 වන දා වන විට ඔහු ජගත් ශ්‍රේණිගත කිරිම්වල සිටින ස්ථානය අනුව එය තීරණය වීමට නියමිතව තිබේ.
ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් රටකට විශාල ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් සිටින අවස්ථා ජගත් ශ්‍රේණිගත කිරීම්වලදී දකින්නට ලැබීම සුලබ කරුණක්ය.එහෙත් අන් රටවලට අවස්ථාව දිම සඳහා එහිදී සියලු දෙනාට අවස්ථාව හිමිවන්නේ නැත.කේවල තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අංශයකින් 35 ක් පැමිණෙන සේ 70 දෙනෙක් ඔලිමිපික් කරගාවලියට එක් කර ගැනීමට නියමිත වේ.මහ්ද්වීපික අවස්ථා ආදිය ද සැළකිල්ලට ගෙන අවස්ථා ප්‍රදානයක් සිඳු කෙරෙන අතර දැනට විරේන් සිටින තැන යම් කිසි ආකාරයක සුරක්ෂිත තැනක් සේ දැකිය හැකි අතර එමඟින් ශ්‍රේණිගත කිරීම හරහා ප්‍රවේශවීමට වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.


සති දෙකකට ඉහත කසකස්තාන ක්‍රීඩකයා වන දිමිත්‍රි පැනරින් සමඟ ස්ථානය සඳහා තරග කරමින් සිටි විරේන් ඉකුත් සතිය ආරම්භයේදී ඔහුව අභිබවා ඉදිරියට එමින් හොඳ පරතරයක් තබා ගන්නට සමත් විය.එහෙත් උලන්ඩා ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියේ දී දිමිත්‍රි අවසාන පූර්ව වටය දක්වා පැමිණි අතර විරෙන්ට පළමු තරගයෙන්ම ඉවත් වන්නට සිඳු වීම නිසා සමහර විට එළැඹෙන සතියේ නැවත දිමිත්‍රි පෙරට පැමිණීමේ ඉඩක් ඇත.මේ ආකාරයට නිතරම සසල වෙන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල මහන්සියක් දරමින් ඔලිමිපික් නියෝජනයට උත්සාහ දරමින් සිටීම තවමත් වයස 20 ක් වන විරේන්ට යම් පීඩනයක් වුව ද,ඔහු ස්වීඩන් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා සමඟ යම් විශ්වාසයකින් සහ අධිෂ්ඨානයකින් තරග වඳින බවක් දැකිය හැකිය.


විරේන් අප්‍රේල් 28 ට පෙර තවත් ජාත්‍යන්තර තරග 3 ක් පමණක් නියෝජනය කිරීමට නියමිතය.මේ අතරට බැඩිමින්ටන් පරිපාලනය සිය අවධානය යොමු කර සමහර විට තවත් පහසු තරග කිහිපයක් ලබා දෙන්නට විරේන් වෙනුවෙන් මැදිහත් වන්නට ද ඉඩ ඇත.ශ්‍රී ලංකා බැඩිමින්ටන්, බැඩිමින්ටන් ක්‍රීඩාව සඳහා අවධානය යොමු කරන අනුග්‍රාහකයන් නොමැති පරිසරයක ඉතා අවම පහසුකම් සහ පහසුකම් සපයන කණ්ඩායමක් නොමැතිව විරේන්ට ජාත්‍යන්තර තරග පිටියේ තරග අවස්ථා වෙනුවෙන් ඉඩ සළසා දෙමින් එම වියදම් දැරීම ඉතාමත් වැදගත්ය.ඒ අවස්ථාවෙන් තමන්ට වඩා පහසුකම් සහිත බැඩිමින්ටන් සංස්කෘතියක් ඇති රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය කරමින් ද,ඇතැම් විට කරට තර සිට තරග කරමින් ද විරේන් මේ දක්වා දක්වා ඇති දස්කම් අගය කළ යුතුය.එසේම ඒ දක්වා පැමිණිමට හෝ පවතින සංස්කෘතික සහ මූල්‍ය පරිසරය මඟින් ඇති කරන පීඩා දරා ගනිමින් ශ්‍රී ලංකා බැඩිමින්ටන් විරේන් වෙනුවෙන් දැරූ වෙහෙසද අගව කළ යුතු අතර මෙහි අවසානයේ සතුටුදායකම ප්‍රතිපලය ඇත්තේ විරේන් ඉදිරි තරගවලදී දක්වන දක්ෂතා අනුවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan