රෂිකා හෙන්නායක පෙබරවාරි 26 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව පවසමින්, අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් අද(26) දින අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.
ඒ අනුව මෙම ක්‍රමවේදය ” ගෝල්ඩ් කාඩ් “ලෙස නම් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටියේ, මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමිවන බවයි.
රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබා දීම ප්‍රධාන අරමුණක් වී ඇති බවද පැවසේ.
