*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

නෙත්මි ඊජිප්තු ගැටුම්වල ඇත්ත

ශ්‍රී ලංකා කාන්තා මල්ලවපොර ක්‍රීඩාවේ අනාගත පැතුම වී ඇති නෙත්මි අහිංසා ඊයේ ඊජිප්තුවේ ඇලෙක්සැන්‍රඩ්‍රියා හී පැවති ඊබ්‍රාහිම් මුස්තාෆා ජාත්‍යන්තර තරගාවලියේදී සහභාගි වූ තරග දෙකකදී පරාජයට පත් විය.එහිදී ඇය සහභාගි වූ කිලෝ ග්‍රෑම් 53 ඉසව්වේ 2021 වසරේ කණිෂ්ඨ ලෝක සූරිය වන සහ 2022 වර්ෂයේ කණිෂ්ඨ ලෝක සූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභිණිය වන ඉක්වදෝරයේ ලුසියා ගුස්මාන් අතින් පරාජයට පත් විය.ඇය මේ තරගාවලියේ එම බර පංතිය ජයගත් ක්‍රීඩිකාව ද විය.

දෙවන තරගයේදී නෙත්මි පරාජය වූයේ නීනා හේමර් අතින් ය.ඇය ජර්මන් ක්‍රීඩිකාවක් වන අතර අත්දැකීම් බහුල ඇය 30 හැවිරිදි ය.ඇය 2021 වසරේදී ලෝක සූරතා තරගාවලියේ රිදී පදක්කම දිනූ ක්‍රීඩිකාවය.එසේම යුරෝපා ක්‍රීඩා සූරතාවලියේදීත්,යුරෝපා මල්ලවපොර සූරතාවලියේදීත් ජයග්‍රහණ අතරට පැමිණ ඇති ඇය ජගත් ආරක්ෂක සේවා තරගාවලියේද පදක්කම්ලාභිණියක වන්නීය.

නෙත්මි ජාත්‍යන්තර වන්නේ ඔවුන්ට සාපේක්ෂව අතේ ඇඟිළි ගණනකට සීමා වූ තරගාවලි ඇතුළේය.තවමත් 19 හැවිරිදි නීනා වැනි ක්‍රීඩිකාවන් හා සසදද්දි අවම වශයෙන් තවත් අවුරුදු 11 ක් පමණ ක්‍රීඩා කිරීමේ ශක්තිය සහ ජවය ඇති මේ ලාංකේය සිරුර නඩත්තු කිරීමට ඒ රටවල් ක්‍රීඩාව වෙනුවෙන් සකස් කර ඇති ක්‍රමවේද ශ්‍රී ලංකාවේ නැත.ඒ නිසා නෙත්මි වෙනුවෙන් අලුතෙන් සිතන්නට අවශ්‍යය වන්නේය.

ඇය මේ තරගාවලියේදී දැක් වූ දස්කම් සළකද්දී දැකිය හැක්කේ තරග රටාවට වඩා එම තරග රටාවේ වේගය හා ශක්තිය සමබන්ධයෙන් තව දුරටත් වර්ධනයක් අවශ්‍යය බවය.ඒවා ඉහළ පුහුණුව සහ පෝෂණය හා බැදුණු ඒවාය.එමෙන්ම වැඩි තරගකාරීත්වය සමඟ ඉහළ නංවා ගත හැකි දේ ය.
ඇය 2024 ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගන්නේ නම් 2024 මැයි 12 දක්වා ඉඩ ඇත.එහිදි ලෝකයේ පවත්වන තරගාවලි අතරින් ඇයට කළාපීය වශයෙන් සහභාගි විය නොහැකි තරග ද ඇත.ඒ එම කළාපයට නෙත්මි අයත් නොවන බැවින්ය.එසේනම් සහභාගි විය හැකි තරග කවරේද?ශ්‍රී ලංකා මල්ලව පොර සංගමය,ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව මේ තරග සැළසුම් කළ යුතුය.

විශේෂයෙන් පහසුකම් සම්පාදනය ජාතික වටිනාකමක් වූ විට අමාත්‍යංශය භාරගත යුතුය.එහෙත් මේ වැඩ සටහන සශ්‍රීක පල ඇති සේ කිරිමට ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්කරුවෙක් කිව යුතුය.මම ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්,නැත්නම් ඇමතිවරයා කියා කතා කරාම ඔව් ස්ර් කියා කතා කරන මිනිස්සු ලෝකයේ නැත.ලංකාවෙ එහෙම මිනිස්සු සමඟ ගණුදෙනු කරන ජාත්‍යන්තර ක්‍රීඩාව හා සබැඳි ආයතනය ජාතික ඔලිම්පික් කමිටුවය.ඉන් ඉවත් වී පුද්ගලයන් සේ ගත් විට ලෝකය සමඟ එවැනි ගණුදෙනුවක් කළ හැකි අය වන්නේ හේමසිරි ප්‍රනාන්දු,ප්‍රේමා පින්නවල සහ ඩයන් ගෝමස් වැනි චරිත කිහිපයකි.අඩුම තරමේ ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තරය සමඟ සබකම් ඇති කර ගැනීමටවත් මේ මිනිස්සු දිහා බලන්නට ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය.ඒ අය ඔහුට අනුව වයසය.නමුත් ලෝකය තරුණ අමාත්‍යවරයාව දන්නේවත්,පිළිගන්නේවත් නැත.පොළොන්නරුවෙන් ගත් මනාප ලෝකයට අදාළ නැත.

මේ සියල්ල නෙත්මිට අදාළ අදහස්ය.විවේචන එන්නේ රටකට ඇමති කෙනෙක්ට වඩා නෙත්මි වැන්නියක් වටින බැවින්ය.ඇය 2024 ඔලිම්පික් සහභාගීත්වය වැදගත්ය.එහෙත් වඩාත්ම විශ්වාස 2028 ය.ඒ නිසා 2028 දක්වා වන සැළසුමක් සහ ජාත්‍යන්තර පුහුණුවක් ඇයට දිය යුතුය.ඇයගේ පුහුණුවන ස්ථානය දේශීය වශයෙන් තවත් දක්ෂයන් බෝ කරන තැනක් බැවින් එම ස්ථානය ද ජාත්‍යන්තර මට්ටමට සැකසිය යුතුය.අඩුම තරමේ තවම ඒ දේ වත් හරියට සිඳු වී නැත.

ලෝකය අපට වඩා වේගයෙන් ඉදිරියට යයි.ඒ වේගයෙන් නෙත්මිව රැඟෙන යන්නට නම් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන් පෙරට ආ යුතුය.දෝලාව කරට ගෙන ලෝකයේ වේගයට දිවිය යුතුය.තමන් දෝලාවේ ගොස් ක්‍රීඩකයින් පයින් පසුපසින් ආ යුතුය සිතන හිස් ලොකුකම් පරිපාලන නියමුවන් වීම රටේ ක්‍රීඩාවට ඇති විශාලම හෙණයයි.

නෙත්මි වෙනුවෙන් මැදිහත්ව ඇයගේ ඉදිරියේ ඇති ජයගත හැක දැවන්න ඉලක්ක වෙනුවෙන් වැඩ කරපල්ලා.
අපි බලධාරීන්ට බල කර කියමු.
(ඔලිම්පික් සුදුසුකම සඳහා ශ්‍රේණිගත්වීමට සහ සහභාගි වීමට ඇවසි තරග මේ සබැඳියාවෙන් දැක සැළසුමක් සකස් කිරීම බලධාරීන්ගේ යුතුකමය. https://olympics.com/en/news/pathway-to-paris-2024-wrestling-qualification-system-explained )
මේ සමඟ ඇත්තේ නෙත්මි සහ එම ඉසව්වේ සූරතාය දිනූ ඉක්වදෝරයේ ලුසියා අතර තරගයේ අවස්තාවකි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan