නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජෙෆ්රි මොහොමඩ්ට අයත් අරමුදල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස රට තුළට රත්‍රන් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පිටකොටුවේ රන් ආභරණ සාප්පු හිමියෙකු සම්බන්ධයෙන් දැනට විමර්ශනය සිදුකෙරෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

එපමණක් නොව, ඔහු රත්තරන් කිලෝග්‍රෑම් 80 කට වඩා රට තුළට ගෙනැවිත් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

රත්තරන් සොයා ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් දැන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

තවද, ආනයන මුවාවෙන් නීති විරෝධී ලෙස ඩොලර් විදේශගත කිරීම සඳහා ෂෙල් සමාගම් 36 ක් පිහිටුවීමේ චෝදනාවට ලක්ව සිටින ජෙෆ්රි මොහොමඩ් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...