හොර පාස්පෝට් හා LTTE සිද්ධියකට ඇල්ලූ පොහොට්ටුවේ කඩුගන්නාව සභාපති ඇප මත නිදහස්

Date:

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීම සහ හිටපු LTTE සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් විදෙස් රටවලට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත් අඩංගුවට ගෙන සිටි කඩුගන්නාව නගරසභාවේ සභාපති ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) අමිල වේරගොඩ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය.

ඒ, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමිල වේරගොඩට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර ඔහු හිටපු LTTE සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් විදෙස් රටවලට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඊට සාක්ෂි ලැබී නොමැති බවයි ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔහුව රුපියල් 20000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළ අධිකරණය දෙවැනි චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි ඇත් නම් ඊට වෙනම නඩුවක් ගොනු කරන ලෙසත් නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...