*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

රත්නපුර ක්‍රිකට් විරෝධය රත්නපුරට පමණයි.ශ්‍රී ලංකා ක්‍රිකට් විරෝධයක් නෙමෙයි.

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 26 කොළඹ (LNW): රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කාංචන ජයරත්නට එරෙහිව එහි වාර්ෂික මහා සභාවේදී දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වෙනවා.සභාපතිවරයා එහිදී නිලධාරීන්ගේ ධූර කාලය වසර හතර දක්වා දීර්ඝ කර ගැනීමට යෝජනා කිරීම නිසා මේ තත්ත්වය පැන නැඟී තිබෙනවා.දිගින් දිගටම සභාපතිවරයාට එල්ල වූ විරෝධය පදනම් කරගෙන වත්මන් නිලධාරි මණ්ඩලයට ඉල්ලා අස්වෙන ලෙසට යෝජනාවක් පැමිණීම සහ එයට සභාවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට සාමාජිකයන් පිරිසක් උත්සාහ කරන අවස්ථාවේදී කාංචන ජයරත්න සභාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
පසුගිය කාලයේ රටපුරා හිටපු ක්‍රිඩා ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉලක්ක කර ඇති වූ විරෝධයේ කොටසක් හැටියට මෙම විරෝධය ක්‍රියාත්මක වුණි දැයි එහිදී විරෝධයට එක් වූ සාමාජිකයන්ගෙන් අප විමසා සිටියා.


කාට හරි එහෙම කියන්න පුළුවන්.ඒත් ඒක නෙමෙයි හේතුව.මේක කාංචන ජයරත්නගෙ පාලනයට සහ බලයේ වැඩි කාලයක් රැදී සිටීමට ගත්ත තීරණවලට එරෙහිවයි.එයා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට හිතවත් පාලකයෙක් නොමෙයි ඇත්තටම.එහෙම පෙනී සිටිනවද දන්නෙ නැහැ.හැබැයි එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ක්‍රීඩා අරමුදලට මුදල් ඉල්ලා ප්‍රශ්න ඇති කර ගනිද්දී ඔහු සභාපති පදවිය දරන වොලිබෝල් සංගමයේ අනේක ප්‍රශ්න තිබියදී ඒ හරහා මුදල් ක්‍රීඩා අරමුදලට කියා ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දීම තමයි කාංචන ජයරත්න කළේ. ඔහු දේශපාලනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ප්‍රශ්න ඇති වූ අවස්ථාවේදී දේශපාලකයා නිවැරදි කර ඔහුව ශක්තිමත් කිරීමයි කළේ” යනුවෙන් එම සාමාජිකයෝ පැවසූහ.


“මොනව හරි ක්‍රිකට් සම්බන්ධ විරෝධයක් ආවාම ඒවා කෙළින්ම ක්‍රීඩකයන්ටයි,ශ්‍රී ලංකා ක්‍රිකට් එකටයි බලපානවා.ඒ ගැන කතා ඇති වෙනවා.ඒත් රටේ ක්‍රිකට් නැතිවෙන්නෙ ප්‍රාදේශිය මට්ටමෙන් ඒවාට ක්‍රිකට් ක්‍රීඩා කරලා නැති,අවබෝධයක් නැති පිරිස් තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘති තර කර ගැනීමේ අරමුණෙන් බලයට ආවාම.එයාලට ක්‍රිකට් තමන්ගේ බලය පවත්වා ගැනීමට හේතුවක් පමණයි.” රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සාමාජිකයෝ තව දුරටත් අප විසින් කරන ලද විමසීමේදී කරුණු පැහැදිළි කරමින් පෙන්වා දුන්හ.


“ශ්‍රී ලංකා ක්‍රිකට් සෑම දිස්ත්‍රික් සංගමයකටම සෑහෙන ආධාරයක් කරනවා.ඒත් මේ ආධාරවලින් මොනවද වෙන්නෙ.අඩුම තරමෙ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රත්නපුරට හදන්න බැරි වෙලා තියෙනවා.දැන් මේ සභාපතිවරයා බලන්න.ඔහු රත්නපුරේ හැම ක්‍රීඩාවකටම වගේ සම්බන්ධයි.ඡන්දයක් එන කොට ඒ ඒ ක්‍රීඩා පරිපාලන හරහා ඔහු ලොකු වාසියක් ලබා ගන්නවා.ඒ විතරක් නෙමෙයි.ලංකාවේ ජාතික මට්ටම ගත්තත් ක්‍රීඩා කීපයකට විවිධ තනතුරුවලින් සම්බන්ධ වෙලා මේ වන කොට ඔලිම්පික් කමිටුවෙත් ඉන්නවා.එයාලට මේ තනතුරු දේශපාලනයේදී තමන්ගෙ ප්‍රොෆයිල් එකට දාගන්න සුදුසුකම් කරගන්න විතරයි ඕනි.” ඔව්හූ සිය විරෝධයේ පදනම තව දුරටත් පැහැදිළි කරමින් පැවසූහ.


මේ සිඳුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති හරහා ද වාර්තා කළ අතර මේ සමඟ එම විඩියෝ දර්ශන ද දැක්වෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan