*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

ප්‍රචාරය බොරුවක්.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විකුණන්නේ නැහැ – ආරක්ෂක රාජ්‍ය

කොළඹ LNW:මෙරට ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විදේශීය සමාගමකට විකිණීමට කටයුතු කරන බවට සමාජ ජාලා වල ප්‍රචාරණය වන පුවත සාවද්‍ය පුවතක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල වෙළඳ සංගම් නිලධාරීන් සමඟ ඊයේ (25) දින පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාව අතරතුර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුරකතනයෙන් සම්බන්ධකර මෙම පුවත සම්බන්ධයෙන් කරුණු විමසීමක්ද සිදුකරන තිබෙන අතර එහිදි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ ආර්ථික මධ්‍යස්ථාන විකිණීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan