බොල්සනාරෝ නැවත කරළියට; කුමන්ත්‍රණ චෝදනා ප්‍රතික්ෂප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ ඊයේ(25) දිනයේදී සාඕ පවුලෝ හි දස දහස් ගණනින් විදි බට සිය ආධාරකරුවන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ, 2022 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තමා අසාර්ථක කුමන්ත්‍රණයක් ඇති කළ බවට රජය කරන චෝදනාවන් දේශපාලන පලිගැනීම් වශයෙනි.

2022 ඔක්තෝම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දුෂණ වංචා රැසකට මුහුණ දුන් බෝල්සනාරෝ පොදු ගොඩනැගිලිවලට පහරදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිය ගනනක් ඔහුගේ ආධාරකරුවන්ට පොදු සමාවක් දෙන ලෙස මෙහිදී ඉල්ලා සිටිනු ලැබිය.

ජෙයාර් බොල්සොනාරෝ 2026 මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ කතා කිරීමට මෙම රැළිය යොදාගතමුත්, එරට අධිකරණය මඟින් බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමය හෑල්ලු කිරීම සහ පසුගිය මැතිවරණය වංචනික යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් බොල්සොනාරෝ මහතාට වසර අටක් නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...