බොල්සනාරෝ නැවත කරළියට; කුමන්ත්‍රණ චෝදනා ප්‍රතික්ෂප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ ඊයේ(25) දිනයේදී සාඕ පවුලෝ හි දස දහස් ගණනින් විදි බට සිය ආධාරකරුවන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ, 2022 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තමා අසාර්ථක කුමන්ත්‍රණයක් ඇති කළ බවට රජය කරන චෝදනාවන් දේශපාලන පලිගැනීම් වශයෙනි.

2022 ඔක්තෝම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දුෂණ වංචා රැසකට මුහුණ දුන් බෝල්සනාරෝ පොදු ගොඩනැගිලිවලට පහරදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිය ගනනක් ඔහුගේ ආධාරකරුවන්ට පොදු සමාවක් දෙන ලෙස මෙහිදී ඉල්ලා සිටිනු ලැබිය.

ජෙයාර් බොල්සොනාරෝ 2026 මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ කතා කිරීමට මෙම රැළිය යොදාගතමුත්, එරට අධිකරණය මඟින් බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමය හෑල්ලු කිරීම සහ පසුගිය මැතිවරණය වංචනික යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් බොල්සොනාරෝ මහතාට වසර අටක් නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම