පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල 30%කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේය.

මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය වෙනුවෙන් වැයවන සාමාන්‍ය මිල රු. 37 සිට රු. 29 දක්වා අඩු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

විදුලි ඒකකයක ජනන මිල අඩු නොකර විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් නොමැති අතර

”දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැලසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...