කොට්ටාව සහ කහතුඩුව අතර දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අයෙක් මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW):රත්ගම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය වෙත යමින් සිටි ලොරි රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමි තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව කිලෝමීටර් 4 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට ළගා වූ ගැලනිගම රථවාහන ඒකකයේ නිලධාරීන්,  ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කුඩා ලොරි රථය තුළ සිරවී සිටි පුද්ගලයින් තුන් දෙනා පිටතට ගැනීමට විනාඩි 20ක පමණ මෙහෙයුමක් සිදුකර ඇත.

බරපතල තුවාල ලබා සිටි තුන්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී එක් අයෙකු මියගිය බව රෝහල් වාර්තා සදහන් කළා.

පොලීසිය පවසන්නේ, ලොරි රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...