(VIDEO):නිමල් සිරිපාලගේ මීයා නිසා මාධ්‍ය හමුව උණුසුම් වෙයි! (සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝව)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ගුවන් සංගමේ මතුව තිබෙන ප්‍රශ්න සහගත කාරණා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එම පාලනාධිකාරියද සමඟ වෘත්තීය සමිතිද අද (26) අමාත්‍යාංශයට කැඳවා තිබුණි.

විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම හමුව මාධ්‍යයට ද විවෘත අකර තිබුණු අතර ඔහු මාධ්‍ය හමුව පුරා වෘත්තීය සමිති ප්‍රමුඛ ගුවන් සමාගමේ පාලනාධිකාරිය වෙත දොස් පවරමින් චෝදනාත්මකව කතා කරන අයුරු දක්නට ලැබුණි.

මේ අතර ගුවන් යානයකට ඇතුළු වූ මීයෙකු නිසා ගුවන් ගමන ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇමතිවරයා සිදුකළ ප්‍රශ්න කිරීමේදී හා අදහස් දැක්වීමේදී උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණි.

කෙසේවෙතත් අවසානයේ ඇමතිවරයා අවධාරණය කළේ තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් සමාගම රජයේ ආයතනක ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති අතර ඊට පෞද්ගලික අංශය මැදිහත්කර ගත යුතු වන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...