මැඳුරු තැනූ සොඳුරු මිනිසුන් ඇගයූ අපූරු මොහොතක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 26 කොළඹ (LNW): ඉදිකිරීම් කේෂ්ත්‍රයේ වසර 10 ක් සමරපු සීඊසී හෙවත් කැපිටල් ඉංජිනියර් කන්සෝර්ටියුම් පුද්ගලික සමාගම එම දස වසර වෙනුවෙන් කුඩා උත්සවයක් සංවිධානය කරමින් අපූරු වැඩ සටහනක් දියත් කළා.කඩවත ඉන්ද්‍රා හෝටල් පරිශ්‍රයේ ආයතනික සේවකයින් සහ ආයතනයට සමීප හිතවතුන්ගේ ද සහභාගීත්වය ඇතුව පැවත් වූ එම උත්සවයේදී ආයතනය විසින් ඇගයීම් සම්මාන ලබා දීමේ අපූරු වැඩ සටහනක් සංවිධානය කර තිබුණා.


“අහස උසට නැඟ ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නේ අහසේ මාළිඟා තැනුවත් අපි පොළවෙයි සිටින්නෙ.”

කපුගේ ගේ ලයාන්විත හඬත් එක්ක ඇහෙන මේ පද පේළිවල අනන්‍යතාවය පෙන්වන සොඳුරු මිනිසුන් ඉදිකිරීම් කේෂ්ත්‍රයේ වඟුරන්නෙ දහදිය විතරක්ම නෙමෙයි.ඔවුන්ගේ කඳුළුත් ඒ ගල්,වැලි සිමෙන්ති එක්ක කලවම් වෙනවා.අපිට බිම බලන්න බැරි උඩක ඉඳගෙන හරිම මිම්මට බිත්ති බඳින මිනිසුන් මේ ලියුම්කරුටනම් බැරි නිසාම විශ්මයක්.මේ විශ්මය සතුට එකතු කරන්නෙ එක් කෙනෙක්ට නෙමෙයි.ඒ ශ්‍රමය දහදිය කඳුළු වෙනුවෙන් ඇනී, ඉස්සී, සැකසී බොහෝ අයට ඔවුන් අත් කර දෙන්නේ අමිල සතුට,නිදහස.සැහැල්ලුව.


හැබැයි වැටුපට වැඩිය දෙයක් ඔවුන්ව අගය කරන්න එකතු වෙනවනම් හරිම අඩුයි.පොඩි සංතෝසම් මුදලක් අතේ මිට මොළවන කෙනෙක්,පොඩි අඩියක් බෙදා හදා ගන්න කතා කරන අවස්ථාවක් …
ඒ විඳිහට වෙනස් හැඩයක උත්සවයක් තමයි ඉන්ද්‍රා හෝටල් පරිශ්‍රයේ පැවත්වුණේ.එහීදී සීඊසී ආයතන ප්‍රධානීන් අතින් සම්මානයට පාත්‍ර වුණේ ඔවුන්ගේ සාර්ථකත්වය පෙන්වන වැඩ බිමේ ඉන්න බාසුන්නැහැවරු පස් දෙනෙක්.පහතින් තියෙන්නේ ඒ අය සම්මානයට පාත්‍ර වුණ මොහොත කාච ගත වුණ අවස්ථාවන් කිහිපයකුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...