ඇමරිකා ගුවන් භටයෙක් වොෂින්ටන් හි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී ගිනි තබාගෙන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):පුද්ගලයෙකු වොෂින්ටන් හි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී ගිනි තබාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා හදිසි සේවා පවසන්නේ, වොෂින්ටන් ඩීසී හි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු මෙලෙස ගිනි තබාගෙන ඇති බවයි.

එරට වේලාවෙන් පස්වරු 1ට පමණ මෙය සිදු වී අති අතර, බරපතල තුවාල සහිත පුද්ගලයා රෝහල් ගත කළ බව ඇමරිකා ගිනි නිවන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ගිනි තබාගත් පුද්ගලයා ඇමරිකා ගුවන් භටයෙක් ව්න අතර, ගිනි තබා ගැනීමෙන් පසු පලස්තීනය නිදහස් කරන්න යනුවෙන් ඔහු කෑගසා තිබුණු බව පැවසේ.

මිට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදීද ජෝර්ජියා ප්‍රාන්තයේ ඊශ්‍රායල කොන්සල් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාකරුවෙකු ගිනි තබා ගත් බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් අව­හිර වූ...

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...