ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් නොකවුට්

Date:

ජාතික රගර් ක්‍රීඩාව වර්ණ ගන්වන නිපොන් පේන්ට් අනුග්‍රහය ඇතිව ක්ලිපර්ඩ් කුසලානය වෙනුවෙන් ක්‍රියාත්මක පිළිමළුන් පිටු දැකීමේ ජාතික රගර් තරගාවලිය අරඹමින් ඊයේ පැවති තරග දෙකෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරදා පොලිස් කණ්ඩායමත්,හැව්ලොක්ස් කණ්ඩායම පරදා යුද හමුදා කණ්ඩායමත් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.
ලොන්ඩන් පෙදෙසේදි මුණ ගැසුණු හැව්ලොක්ස් සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගයේ මුල්අර්ධය ගෙවි ගියේ ලකුණු 12 – 7 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ රඳවමින්ය.39 – 17 ක් වූ අතර යුද හමුදා කණ්ඩායම ලකුණු 39 වෙනුවෙන් උත්සාහක දිණුම් හයක් වැය කර තිබිණ.අශාන් බණ්ඩාර,ඩිල්ෂාන් පෙරේරා,මොහොමඩ් රිෆාන්,නාලන් ප්‍රේමරත්න,සුදාරක දික්කුඹුර සහ තිරුෂ අධිකාරම් එම උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.චමත් ප්‍රනාන්දු එම උත්සාහක දිණම් හයෙන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර ගත් අතර අශාන් බණ්ඩාර එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර දුන්නේය.ඩිල්ෂාන් පෙරේරා ද තමන්ට ලැබුණ නිදහස් පහරක් නිසි ඉලක්කයට යොමු කරන්නට සමත් විය.

හැව්ලොක්ස් කණ්ඩායම ලැබූ ලකුණු 17 සඳහා උථ්සාහක දිණුම් තුනක් එක් වී තිබිණ.ෆර්තාම් ෆාසි,රමේෂ් ප්‍රනාන්දු සහ රැන්ඩි සිල්වා විසින් වාර්තා කරන ලද එම උථ්සාහක දිණුම් තුනෙන් එකක් නිවැරදිව ප්‍රවර්ථනය කරන්නට ජනිත් චන්දිමාල්ට හැකි විය.හැව්ලෝක්ස් කණ්ඩායම ලීග් තරගාවලියේ ආරම්භයේදී ඉතා හොඳ මට්ටමක සිට මේ තරගවාරයේ අග වන විට වෙනස් ආකාරයේ බිඳ වැටීමක් පෙන්වීම කණගාටුදායක තත්ත්වයකි.මෙම පීඩනයෙන් ගැල වී ජයග්‍රහණය සොයන්නට ක්‍රීඩකයින්ට ඇති උනන්දුව නිසා මේ තරගයේදී ද හැව්ලොක්ස් ක්‍රීඩකයින් ගත් අනීතික උත්සාහයන් නිසා කහ කාඩ්පත් අවවාද තුනකට ද ලක් වෙන්නට විය.


ජාතික රගර් ලීග් සූරතාවයේ පළඟ සූරතාවය අහිමි කළ ගුවන් හමුදාවෙන් වාඩුව ගත් පොලිසිය පිළිමළුන් පිටු දැකිමේ තරගය පැවති තුරග තරග පිටියේදි ඒ වාඩුව පියවා ගන්නට සමත් විය.තමන්ගේම ක්‍රීඩා පිටියට පැමිණ පළඟ සූරතාවය උඳුරගෙන ගිය ගුවන් හමුදා ක්‍රීඩකයින් සමඟ කරට කර කර ගැටෙමින් ක්‍රීඩා කළ පොලීස් ක්‍රීඩකයෝ තරගය නිමා වන සංඥාව නිකුත්වන මොහොත වන විට තමන්ට වාසිදායක අන්දමින් ලකුණු පූවරුව 22 – 17 ක් සේ තබා ගන්නට සමත් වූහ.

ලකුණු 15 – 10 ක් සේ ඉදිරියෙන් සිටි ප්‍රථම අර්ධයේ වාසියට අභියෝග කරමින් ගුවන් හමුදාව තරගයට පිවිසුණ ද,දෙවන අර්ධයේ සම ලකුණු හත බැඟින් වාර්තා කිරීමෙන් ඔබ්බට යන්නට පොලිසිය ගුවන් හමුදාවට ඉඩ ලබා දුන්නේ නැත.පොලිසිය වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක් වාර්තා විය.ඉන් දෙකක්ම වාර්තා කළේ දුලාංජන විජේසිංහ ය.ඉතිරි උත්සාහක දිණුම ශානක හරිස්චන්ද්‍රගේ ය.මෙම උත්සාහක දිණුම් තුනෙන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරමින් ද,එක් නිදහස් පහරක් වාර්තා කරමින් ද ප්‍රින්ස් චාමර ද පොලිසයේ ලකුණු පූවරුව 22 දක්වා ඔෂවා තබන්නට දායක විය.

ගුවන් හමුදාවේ ලකුණු 17 වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක් වාර්තා විය.ඉෂාර මධුශාන් සහ නිර්මාල් වික්‍රමසිංහ එහි හිමිකරුවෝ වූහ.නුවන් පෙරේරා ඉන් දෙකකම සාර්ථක ප්‍රවර්ථන සමඟ නිදහස් පහරකින්ද පොලිසියට ලකුණු එකතු කර දුන්හ.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...