මහනුවර ත්‍රිත්ව 16 න් පහළ සූරයෝ වෙයි

Date:

ජාතික රගර් ක්‍රීඩාව වර්ණ ගැන්වීමේ අනුග්‍රාහකයන් වන නිපොන් පේන්ට් අනුගාහක අතදීම යටතේ ශ්‍රී ලංකා රගර් හී පූර්ණ ආශිර්වාදය සහිතව මධ්‍යම පළාත් රගර් සංගමය මෙහෙය වූ අවුරුදු 16 න් පහළ දස සාමාජික රග්බි තරගාවලියේ සූරතාවය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙන් කොළඹට ගෙන එන්නට ඉඩ නොදෙමින් මහනුවර රඳවා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.අවසන් තරගයේදී සූරතාවය දිනා ගැනීම වෙනුවෙන් ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් කොළඹ ඉසිතපතය ලකුණු 12 – 7 ක් ලෙස පරාජයට පත් කළා.

පළඟ සූරතාවයේ අවසාන තරගයේ ජය හිමි වූයේ කොළම සහිරා කණ්ඩායමටයි.ඔවුන් අතින් පරාජයට පත් වූයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමයි.එහිදී අවසන් ලකුණු පූවරුව දැක් වුණේ ලකුණු 27 – 10 ක් ලෙසයි.
බඳුන සූරතාවය ද කොළඹ කණ්ඩායම් දෙකක් හමු වූ අවසන් තරගයකින් තීරණය වූ අතර එහිදී සූරතාවය වෙස්ලි විදුහලටත්,අනු සූරතාවය ඩී.එස්.සේනායක විද්‍යාලයටත් හිමි වුණා.එම තරගයේ ලකුණු පූවරුව වාර්තා වුණේ 12- 5 ක් ලෙස යි.



පළිහ සූරතාවය සඳහා තරග වැදුණ කණ්ඩායම් අතරින් මහනුවර සිල්වෙස්ටර් කණ්ඩායම සහ මහනුවරම ධර්මරාජ කණ්ඩායම අවසන් තරගයට පිවිසුණා.එහිදී සිල්වෙස්ටර් ක්‍රීඩකයින් තරගයේ දී ලකුණු හතක් රැස් කරන්නට සමත් වුණා.ධර්මරාජ ක්‍රීඩකයින්ට රැස් කරන්නට ලැබුණේ ලකුණු 5 ක් පමණයි.

දෙදිනක් පුරා ලංකාවේ රගර් අනාගතය සම්බන්ධ බලාපොරොත්තු පොදි කොට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තැබූ නිපොන් පේනට් අනුග්‍රහයෙන් වර්ණවත් වූ තරගාවලිය පුරාම දකින්නට ලැබුණේ අනාගතය වෙනුවෙන් පවතින තත්ත්වය ද අතික්‍රමණය කරන දියුණු සැළසුමක් අවශ්‍යය බවයි.ඒ සැළසුමේම කොටසක් ලෙස මෙවැනි තරග විවිධ බාධා කිරීම් මැද නැවත සමාජගත කරන්නට වත්මන් රගර් පරිපාලනය දරණ උත්සාහය සහ ඒ වෙනුවෙන් මේ තරගාවලියේ බර උරට ගත් මධ්‍යම පළාත් රග්බි පාපන්දු සංගමය කළ දායකත්වයද අගය කළ යුතුයි.

සිරුරෙන්ද ක්‍රියාවෙන්ද රගර්මය දක්ෂතාවය ආත්මගත කර ගත් ගැටවරයන් මේ දින දෙක තුළ ඉතා නුදුරේ තමන් ගැන කතා කරන්නට මාධ්‍යවල ගුවන් කාලයට,පත්තිරුවල ඉඩටත් අනන්ත සමාජ මාධ්‍යවල හිස්තැන් වලටත් කළ සුහද අභියෝගාත්මක ආරාධනය ඔස්සේ පැහැදිළි වූයේ ලංකාවෙ රගර් හෙට දවස පාළු නැති පිරුනු එකක් කිරීමට අවශ්‍යය දායාදය මතුවෙමින් තිබෙන බවයි.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...