මම ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මම ආයෙ දේශපාලනය කරන්නෙත් නෑ – අලි සබ්‍රි

Date:

තමන් නැවත දේශපාලනයෙහි නිරත නොවන බවත් තමන්ට දේශපාලනය නොගැලපෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

“මම ආයෙ ඡන්දය ඉල්ලන්නෙ නෑ. මට ආයෙ දේශපාලනය කරන්න බලාපොරොත්තුවකුත් නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ අවසන් වටයද ?

“මේ අවසන් වටය”

ප්‍රශ්නය – ඇයි ඒ ?

“මම දේශපාලනඥයෙක් නෙවෙයි, මට දේශපාලනය ගැලපෙන්නෙත් නෑ”

ප්‍රශ්නය – හැබැයි දැන් කරන්නෙ දේශපාලනය ?

“අනිවාර්යයෙන්. මම ඉන්නකල් මම මගේ වැඩේ කරන්න එපැයි”

ප්‍රශ්නය – ඇයි ඔබට දේශපාලනය ගැලපෙන්නෙ නෑ කියන්නෙ ?

“මම ඊට වඩා කැමතියි මගේ නීතීඥ වෘත්තියට”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබට බලයේ රහ දැනිලා නැද්ද ?

“නෑ. මේක කරදරයක්. හිසරදයක්. ඇත්ත වශයෙන්ම ලොකු වගකීමක්. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. මම 2022 අයින් වෙන්නත් ගියා, නමුත් ජනාධිපතිතුමා කිව්වා එවෙලේ උදව් කරන්න කියලා. ඒ අනුව මම විදේශ ඇමති හැටියට මේ වගකීම ඉටු කරගෙන යනවා. නමුත් මට දේශපාලනයෙන් එහෙම ගන්න දෙයක් නෑ. මම දේශපාලනය කරන්න හිතපු කෙනෙකුත් නෙවෙයි”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...