Mohammad Shtayyeh පලස්තීන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

0
387

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය සිදුකරන අමානුෂික ප්‍රහාරයන් හා පලස්තීන ජනතාවට සිදුව ඇති අසාධාරණය හේතුවෙන් පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්ටෙයියාහ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව, මාධ්‍ය හමුවේ සදහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ යථාර්තය තේරුම් ගැනිමට සියලුදෙනා උත්සහ කළ යුතු අතර එහි තත්ත්වය පාලනය කිරීමට නව විධිවිදාන අවශ්‍ය බවයි .

ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති මොහොමුද් අබ්බාස් අනුමත කර තිබෙන බව සඳහන් වේ.

ගාසා තීරයේ පලස්තීන ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මොහොමුද් අබ්බාස් හා පලස්තීන රජය දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.