ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයකට සැරසෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW):හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ , වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙන බව , විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත සඳහන් කළේය.

ධම්මික ප්‍රියන්ත සඳහන් කළේ, සතියක කාලයක් තුළ සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.