*
Friday, February 28, 2025
spot_img

Latest Posts

උතුරු නැගෙනහිර පළාත් කාන්තා පළමු ක්‍රිකට් හටනට ජයසිරිපුර සහ හිගුරක්ගොඩ ආනන්ද බාලිකාව සැරසෙයි

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

අලි එක්ක හැංගිමුත්තන් තිය තියා ක්‍රිකට් පුහුණුවට එන ජයසිරිපුර කණිෂ්ඨයෙ දියිණිවරු ගැන රටේ බොහෝ දෙනා දන්නවා.ඔවුන්ගෙ ක්‍රිකට් ගමණටත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල හයිය අරගෙන ගියේ අප්සාරි තිලකරත්නයි.ඒ හයියෙන් ජයසිරිපුර ක්‍රීඩිකාවන් ජීවිතය දෙවැනි කොට ක්‍රිකට් තෝරාගෙන අලි ගහන මංමාවත් දිගේ හුළු අතුත් අරගෙන පාසලට දුවන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවටයි.


ඒ වුණාට මේ වැඩේ දරාගෙන ඉස්සරහට අරගෙන යන්නනම් ඒකට ජීවිතයට වගෙ ආදරේ කරන මනුස්සෙක් ඕනි.විශේෂයෙන් කැපවෙන්න ඕනි.මේ සියල්ලම තියෙන ගුරුවරයෙක් විදිහට ජයසිරිපුර දියණිවරු පුහුණු කරන ජානක වික්‍රමසිංහ.


ජානක තවත් දොරටුවක් ජයසිරිපුර දියණිවරු වෙනුවෙන් විවෘත කරන්න නියමිතව තිබෙනවා.ඒ උතුරු මැද පළාතේ පවත්වන පළමු කාන්තා ක්‍රිකට් මහා තරගයේ එක් පර්ශවයක් බවට ජයසිරිපුර කණිෂ්ඨයෙ ක්‍රීඩිකාවන් පත් කරමින්.


ඔවුන්ගෙ ප්‍රතිවාදීන් වෙන්නෙ හිගුරක්ගොඩ ආනන්ද බාලිකා පාසලයි.මේ කණ්ඩායම් දෙක මේ ඓතිහාසික තරගය සඳහා මුහුණ දෙන්නෙ මාර්තු 04 සහ 05 දෙදින තුළ බකමූන මහවැලි ක්‍රීඩාංගණයේදී යි.මේ තරගය ගැන තව විස්තර මාධ්‍යයට පවසන්න පෙබරවාරි 01 දා 12.30 ට බකමුණ විදුහල්පතිතුමා ඇතුළු එම විද්‍යාලයේ ක්‍රීකට් සමූහයත් ජයසිරුපුර විද්‍යාලයට පැමිණෙන්න නියමිතයි.


මේ දෙපිරිසටම ඓතිහාසික උතුරු මැද පළාත් කාන්තා ක්‍රිකට් තරග ආරම්භය සටහන් කරන්න තමන් දක්වන දායකත්වය ගැන බොහෝ දේ කියන්නට ඇති බව සහතිකයි.ඒ සඳහා හෙටින් පසුවත්,තරග පැවත්වෙන දෙදිනත් වටිනා දේ එකතු වෙයි.අපි දෙපිළිටම සුභ පතනවා.පොළවට ගත සවි දිය කර ක්‍රීඩාංගණ වටේ බලා ඉන්න වෙච්චි උරුමය වෙනස් කරමින් ගමට ක්‍රිකට් අරගෙන යන්න වැඩ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් දක්වන දායකත්වයත් අගය කළ යුතුයි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan