ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු පෙරහුරු තරගයේදී ලකුණු පහක ජයක් – මනුදිගෙන් තේරීමට සාධාරණය ඉටු කරපු ඉණිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ යෙදුණ පළමු පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 5 ක ජයක් හිමි වුණා.නායිකා චමරි අතපත්තු,හර්ෂිතා සමරවික්‍රම මෙන්ම නිලක්ෂි ද සිල්වා යන ක්‍රීඩිකාවන් පිතිකරණයේ නියැලුණේ නැති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 40 ක් තුළ කඩුලු අටක් දැවී ලකුණු 201 ක් රැස් කර ගත්තා.
මෙහිදී ජාතික කණ්ඩායම වෙනුවෙන් පළමු වරට පිත්ත අතට ගත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර තමන්ව ජාතික කණ්ඩායමට කැඳවීමට ගත් තීරණයට සාධාරණය ඉටු කරමින් පන්දු 59 දී ලකුණු 58 රැස් කරන්නට සමත් වුණා.එක් හයේ පහරකින් සහ හතරේ පහර හයකින් පෝෂණය වුණු මනුදිගේ ඉණිම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වුණ හොඳම ඉණිම වුණා.ඊට අමතරව විශ්මි ගුණරත්න ලකුණු 52 ක් රැස් කරන්නට සමත් වුණා.
පිළිතුරු ලෙස හොඳින් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවෙන් ද ලකුණු 46 ට කඩුලු 3 ක් දවා ගත් නායිකා ජෙස් වට්කින් පන්දු 20 දී ලකුණු 38 ක් ලබමින් නවසීලන්ත කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.තරගයේදී ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගත් අචිනි කුලසූරිය වට්කින්ව ඉවත් කළ පසුව සෙමින් සිය ලකුණු ඉලක්කය සමඟ පෙරට ඇදෙමින් සිටි නවසීලන්තයට ප්‍රබලම බාධාව යෙදුවේ සචිනි නිසංසලායි.ඇය විශිෂ්ඨ පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 43 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.
එසේම ජාතික කණ්ඩායම සමඟ සිය මංගල තරගයට මුහුණ දුන් චේතනා විමුක්ති ලකුණු 37 ට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.කවීශා දිල්හාරිට ද ලකුණු 35 ට කඩුල්ලක් හිමිව තිබුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...