ගණේමුල්ල සංජීවගේ ඝාතනය ගැන සිරකරුවන් පිරිසගෙනුත් ප්‍රකාශ ගැනීමට අවසර!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ (LNW):

පසුගිය දා ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ (27) පස්වරුවේ අධිකරණය පොලිසියට අවසර දී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. රත්නායක සමග පෙනී සිටි පොලිස් සැරයන් (51237) එම්.ඒ.එස්.ඩී. බණ්ඩාර විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය දී ඇති බව සඳහන් වේ.

පසුගිය 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්තිකූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පුළුල් විමර්ශනයක් පවත්වනු ලබයි. ග​ණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු දන්වා සිටියහ.

ඒ අනුව මේ වන විට බන්ධනාගාරයේ සිටින ලක්සිරි ප්‍රනාන්දු, අමල් මධුසංඛ, අමරසිරි ෆැන්සිස් ඇතුළු සිරකරුවන් 08 දෙනකුගෙන් බන්ධනාගාරය තුළ දී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස බන්ධනාගාරයට නියෝග කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සිරකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඊට අදාළ පහසුකම් සලසන ලෙස බන්ධනාගාරයට නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...