හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !

Date:

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව ය. මෙම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබිණි.

මේ සම්බන්ධයෙන් 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...