වසන්ත මුදලිගේට වරෙන්තු!

Date:

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) වරෙන්තු නිකුත් කර ඇත.

ඒ, අද දින විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

2022 ගෝල්ෆේස් අරගලය අවස්ථාවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිණි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා හතක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව කොටුව පොලීසිය එම නඩුව පවරා තිබුණි.

එම නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...