ඉරානයේ පාසල් සිසුවියන්ට විෂ ශරීරගත වීම හෙවත් ජීව විද්‍යාත්මක ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් ඉරාන රජයට චෝදනා

Date:

ඉරානයේ Qom සහ Borujerd නගරයන්හි පාසල් සිසුවියන් කිහිප දෙනෙකුට විෂ ශරීරගත වීමත් සමඟ පසුගියදා බාලිකා පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් වසා දමනු ලැබූ අතර, මේ සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරනු ලැබුවේ හිජාබයට එරෙහි මෑත කාලීන විරෝධතාවලදී තරුණියන් ඉටු කළ භූමිකාවට පලිගැනීමක් වශයෙන් ඉරාන රජය විසින් ජීව විද්‍යාත්මක ත්‍රස්තවාදයක් ආරම්භ කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කොමිසමේ සාමාජික වෛද්‍ය Homayoun Sameyah Najafabadiමේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ Qom සහ Borujerd වැනි නගරවල පාසල් සිසුවියන්ට විෂ ශරීරගත වීම හිතාමතාම සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් රෝහල් වෛද්‍යවරයෙකු නිර්ණාමිකව විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ පවතින දත්තයන්ට අනුව මෙම විෂවීම කාබනික පොස්පේට් කාරකයක් හේතුවෙන් සිදුව ඇති බවත්, තමා කිසිදු දිනක කාබනික පොස්පේට් කාරක සමඟ විෂ ශරීරගත වූ කෙනෙකුට ප්‍රතිකාර කර නොමැති බවත්, මෙම විෂ ශරීරගත වූ සිසුන් දැඩි දහඩිය දැමීම, අධික ලවණ පිටවීම, වමනය, බඩවැල්වල අධික චලනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, මෙම කාරකය භාවිතා කර පහරදීම සිදු කර ඇති බවයි.

පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් කොම්හි ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බැවින් පාසල් කිහිපයක් වසා දමා ඇති අතර නිව් යෝර්ක් හි පිහිටි ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Masih Alinejad මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙම රසායනික ප්‍රහාරය ඉස්ලාමීය ජනරජය විසින් අනිවාර්ය හිජාබය ප්‍රතික්ෂප කළ නිර්භීත කාන්තාවන්ගෙන් කරන ලද පළිගැනීමක් වශයෙනි.
එමෙන්ම ඇය වැඩිදුරටත් ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයන්ගෙන් ඉල්ලා තිබුණේ ඉස්ලාමීය රාජ්‍ය ඉරාන පාලන තන්ත්‍රය ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට වෛර කරන බැවින්, පීඩනයට පත් වූ එම කාන්තාවන් වෙනුවෙන් හඬ නගන ලෙසත්, කමේනිගේ පාලනය හුදකලා කරන ලෙසත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...